ජන්දේ අස්සෙම විශ්‍රාමික රජයේ සේවකයින්ට හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබුණු සහනය!

Date:

කොළඹ LNW:රජයේ සේවයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන තෙක් රු.3000ක හා 2500ක මාසික දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සභාවට දැනුම් දුන්නේය.

හත්ලක්ෂයක් වන රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ කමිටු නිදේශ ලැබෙන තෙක් රු. 3000ක දීමනාවක් සැප්තැම්බර් මස සිට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබුණු අතර එම පිරිසට අයත් නොවන සෙසු රජයේ විශ්‍රාමිකයින්ට රු.2500ක දීමනාවක් ලබා දීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ අතර වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය 10% දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර ජනාධිපති වරයා විසින් පත්කරනු ලැබූ කමිටුවල නිර්දේශ මත මේ වනවිට තැන්පතු සඳහා ගෙවනු ලබන 7.5%ක පොලී අනුපාතය 2.5%කින් ඉහළ දමා ඇත.

එලෙස ගෙවනු ලබන පොලී අනුපාතය සහනාධාරයක් ලෙස රාජ්‍ය බැංකු වෙත ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 2ක කාලයක් සඳහා ලබාදෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...