කෝටි 23.3ක් බිත්තර ආනයනය කරලා!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):

මෙරටට බිත්තර මිලියන 233.68ක් (කෝටි 23.3ක්) ආනයනය කර ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. ඒ 2023 සහ 2024 මැයි දක්වා කාලය තුළ බවද අමාත්‍යවරයා පවසයි.

2023 වසරේදී මිලියන 168.5ක් සහ 2024 වසරේ මැයි දක්වා මිලියන 65.18ක් වශයෙන් මෙලෙස මෙරටට බිත්තර ආනයනය කර ඇතැයි ද ඇමැතිවරයා පැවසූ අතර, 2023 වසරේදී බිත්තර මිලියන 2047ක් සහ 2024දී බිත්තර මිලියන1073ක් වශයෙන් බිත්තර මිලියන 3120ක් නිෂ්පාදනය කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

මෙරට තුළ තිබූ බිත්තර ගොවිපොළ කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් හරි අඩකින් පමණ වැසී ගොස් බිත්තර නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට සිදුවූ බවත්, මේ වන විට මෙරට බිත්තර නිෂ්පාදනය යථා තත්ත්වයට පැමිණ ඇතත් සංචාරක හෝටල්වලින් බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවත් මාළු සහ කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් බිත්තරවලට දැඩි ඉල්ලුමක් පවතින බව ද ඇමැතිවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...