බදියුදීන්ගේ තීරණය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):

ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසය සහාය ලබාදෙන අපේක්ෂකයා ලබන 14 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සඳහන් කළේ, පක්ෂයේ උත්තරීත මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවය.
 
“අපේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය පුළුල් සාකච්ඡාවක් කළා ජනාධිපතිවරණයේ දී කාට සහාය දෙන්න ඕනේ කියලා. ඒ අනුව අපි තීරණයකට ආවා ලබන 14 වෙනිදා උදේ 10ට අපේ අවසන් තීරණය තීන්දුව ගන්න. අපි දැනටත් සමගි ජන බලවේග සන්ධානයේ ඉන්න නිසා ඒ රැස්වීම්වලට අපි සහභාගී වෙනවා. ඒ වෙලාවේ දී සමගි ජන බලවේගය පක්ෂයට අපේ සහාය ලබාදෙන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වගේම දැන්  ඉන්න ජනාධිපතිවරයාත් සහයෝගය ලබාදෙන්න කියලා අපිට ලියුමක් එවලා තියෙනවා. අපි කියන්නේ දැන් තියෙන ආර්ථිකය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ආපහු රිවස් ජියර් එකේ යන්න බෑ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙම ජාතික ප්‍රයත්නයේදී පෞද්ගලික අංශයේ සහයෝගය අපි බෙහෙවින් අගය කරමු – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

දින 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:නාය යාම හේතුවෙන් ගමනාගමන...

කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව:අල්ලස් කොමිසමෙන් ගැලවීමක් ඇත්තේම නැද්ද?

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...