ඉල්ලීම ඉටුකළ ජනපතිට රාජ්‍ය ඇමති තෙන්නකොන්ගෙන් තුති!

Date:

කොළඹ LNW:මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම සම්බන්ධව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිය ස්තුතිය ප්‍රකාශ කර ඇත.

මධ්‍යම පළාත් සභාවේ අනුමත ගුරුවරු සංඛ්‍යාව 33020 වන අතර ඉන් 6334 ක් පුරප්පාඩු පවතින බැවින් ඉන් සංවර්ධන නිලධාරීන් මඟින් පුරප්පාඩු 2078 වැඩ ආවරණය කරගැනීමට කටයුතු සම්පාදනය කර තිබේ. මේ වන විට ගුරු විභාගයෙන් සමත් වු පිරිස බඳවා ගැනීමෙන් අනතුරුව ද තව දුරටත් 3534 ක ගුරු පුරප්පාඩු පවතින බව සඳහන්.

තවද, මධ්‍යම පළාත් සභාව තුළ පවතින මෙම තත්ත්වය දරුවන්ගේ අධ්‍යාපනයටත්, රටේ අනාගතයටත් සෘජු බලපෑමක් එල්ල කල හැකි ගැටලුවක් වන අතරම මධ්‍යම පළාත් සභාව මඟින් පැවැත්වූ ගුරු විභාගය සමත් වී ඇති සියලු උපාධිධාරීන්, ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අනුමැතිය ලබා දෙන්නේ නම් බොහෝදුරට මෙම ගැටලුවට විසඳුමක් වන බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

ඒ අනුව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පැවති තරඟ විභාගයෙන්, සමත් වූ පිරිසෙන් පලමු අදියර සඳහා පත්වීම් 500 ට අනුමැතිය ලබාදුන් අතරම මෙහි දෙවැනි අදියරෙහි බඳවා ගැනීම් සඳහා පත්වීම් 1100 ට මේ වන විටත් අනුමැතිය ලැබී ඇත.

මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙතත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙතද රාජ්‍ය අමාත්‍යවරයා සිය ස්තුතිය ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ලංකාව අහක බලාගෙන ඉන්න පයේ හැපෙන ඉල්ලම් ගොඩ

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: ශ්‍රී ලංකාව කාටවත් දෙවැනි...

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...