හිඟ ඖෂධ ලැබෙමින් පවතිනවා – රමේෂ් පතිරණ

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ (LNW):

වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී, මෙරට රජයේ රෝහල්වල මේ වන විට ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

එම ඖෂධ ඇනවුම් කර ලැබෙමින් පවතින බවත් , හිඟ ඖෂධවලට ආදේශක ඖෂධ පවතින බවත් පවසූ අමාත්‍යවරයා, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පනත් කෙටුම්පත් නවයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවද කියා සිටියේය.

“සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හදුනාගෙන තිබෙනවා. ඖෂධ 862න් ගිය අවුරුද්දේ අපිට 250ක පමණ හිඟතාවයක් තිබුණා. දැන් වනවිට 52ක් පමණ තිබෙනවා හිඟ. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේ ඖෂධ 52 හිඟ වුණාට ඒවා අපි ඕඩර් කරලා තියෙනවා. දැනට ලැබෙමින් පවතිනවා සමහරක් ඒවා. ඒ අත්‍යශ්‍ය ඖෂධ 52 සඳහා ගන්න පුළුවන් වෙනත් ආදේශක ඖෂධ මේ රටේ තියෙනවා.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...