දකුණු ආසියාව පැරීසියේ දී හෙල්ලෙන් යුරෝපය මෙල්ල කරයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 09, (LNW) කොළඹ :

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පකිස්තානය මලල ක්‍රීඩාවෙන් දිනා ගත් පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.නදීම් අර්ෂාඩ් මිටර් 92.97 ක දක්ෂතාවයක් දක්වමින් නව ඔලිම්පික් වාර්තවාක් ද සමඟ පකිස්තානයට මෙම ස්වර්ණමය අවස්ථාව උදා කර දුන්නේය.දකුණු ආසියාවට පිට පිටම දෙවන වරටත් නදීම් රන් පදක්කම ගෙන එද්දී,පළමු වරට එම දස්කම පෙන් වූ ඉන්දියාවේ නිරාජ් චොප්රා දෙවැනියා වෙමින් රිදි පදක්කමද ඉන්දියාවට දිනා දෙමින් රන් සහ රිදී පදක්කම්වල උරුමය දකුණු ආසියාවට උරුම කර දුන්නේය.


ඉදිකිරීම් කම්කරුවෙක් වෙන නදීම් ගේ තාත්තා දැන් වැඩෙන් විශ්‍රාම ගොස් සිටින්නේය.ඉදිකිරීම් තට්ටු ගණන් උසට නංවන්නට නදීම්ගේ තාත්තා දහඩිය හෙළුව ද,සිය පවුලේ පිය ගැට පෙළක් මෙන් සිටින දරුවන් හත් දෙනාගේ සිහිනවලට ඉදිකරණ ගොඩනැඟිළි තරම් උස යන්න බැරිකම ගැන ඔහු තැවෙන්නට ඇත.ක්‍රිකට්,බැඩ්මින්ටන් ආදී නොයෙක් ක්‍රීඩාවල යෙදුණ නදීම් මලල ක්‍රීඩාවටද හපනෙකු විය.එහෙත් විශිෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් වූ රෂීඩ් අහමඩ් සාකීගේ නෙත ගැටීමෙන් පසුව නදීම්ගේ ඉලක්කය හෙල්ල කරා ගෙන එන්නට ඔහු සමත් වන්නේය.


පහසුකම් පිළිබඳ බොහෝ දුක්බර කතාවලින් පිරුණු නදීම්ගේ ගමණට ඇති දුෂ්කරතා තවමත් නිමා වී නැත.නිශ්චිත අනුග්‍රාහකත්වයක් නැති ඔහුගේ ගමණේ ආරම්භයේදී ඔහුව ඉදරියට තල්ලු කළ, මුදල් එකතු කරමින් ගම්වැසියන් සහ ඥාතීන් මුදල් පරිත්‍යාග කළ ආකාරය නදීම් ගේ පියා මුහම්මද් අෂ්රෆ් ජයග්‍රහණයෙන් පසුවද ස්තූති පූර්වකව සිහිපත් කර තිබිණ.


කෙසේ හෝ දකුණු ආසියාවේ මලල ක්‍රීඩාව පළමු කොට ඔලිම්පික් පදක්කම් ලේඛණයට ඇතුල් කළේ ශ්‍රී ලංකාවය.ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහගෙන් පසුව පදක්කම් සටහනට එන ඉන්දියාව සහ පකිස්තානය දැන් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා වටිනාකමෙන් ඉදිරියෙන්ය.ඒ චොප්රා සහ නදීම් ඒ රටවල්වලට දිනා දුන්නේ රන් පදක්කම් වන නිසාය.එහෙත් ඩන්කන් වයිට් සහ සුසන්තිකා දිනා දුන්නේ රිදී පදක්කම්ය.(මේ පදක්කම් රන් හා සමාන නොව ඊටත් වඩා වටින්නේය.)


මෙහි වැදගත්ම කාරණය වන්නේ නදීම් සහ චොප්රා පකිස්තාකයට සහ ඉන්දියාවට රන් සහ රිදී දිනා දෙද්දී ලෝකඩ පදක්කම හිමි වුණේ කැරිබියන් දූපත් සමූහයට අයත් ග්‍රෙනඩාව නියෝජනය කළ පීටර්ස් ඇන්ඩර්සන් ට ය.ඒ අනුව මෙවර හෙල්ල වීසි කිරීමේ ජව සංඛේත පූවරු මත පළමු තිදෙනා ලෙස කිසිඳු පදක්කමක් නැති තත්ත්වයකට යුරෝපය පත් විය.වීසි කිරීමේ ඉසව්වල වැඩි ආධිපත්‍යය ඇතුතේ යුරෝපානු රටවලටය.දැනටත් හෙල්ල වීසි කිරීමේ ලෝක වාර්තාව වන මීටර් 98.48 හිමි කර ගෙන සිටින්නේ චෙකොස්ලොවේකියාවේ ෂිලේෂ්නි ජාන් ය.එය 1996 දී පිහිටවන ලද්දක්ය.


එසේම ඔලිම්පික් වාර්තාව තබා තිබුණේ නෝර්වේ රාජ්‍යය නියෝජනය කරමින් 2008 දී බෙයිජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 90.57 ක දක්ෂතාවයක් දැක් වූ තෝර්කිල්ඉ්සන් ඇන්ඩ්‍රේස් ය.යුරෝපයට එම ඔලිම්පික් වාර්තාව ද අහිමි කරන්නට නදීම්ට හැකි විණි.


මෙහි දී පැහැදිළිවන වැදගත්ම කරුණ වන්නේ මේ වන විට ලෝකය විද්‍යාත්මකව සහ තාක්ෂණිකව කුඩා වී ඇති බවය.ඒ නිසා දැණුම සහ තාක්ෂණය විසිරෙන තත්ත්වය තුළ ක්‍රීඩාවේ ආධිපත්‍යයන් දරාගෙන සිටින්නට රට රටවලට අසීරු වෙන තත්ත්වයක් මතුව ඇති අතර ඒ නිසා පදක්කම් විසිරෙන සහ පැතිරෙන ස්වභාවය ඔලිම්පික් උළෙලෙන් උළෙලට වැඩිවෙමින් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...