බංග්ලාදේශයේ හින්දුන්ට ප්‍රහාර

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අගමැතිනී ශික් හසීනා බලයෙන් පහ කිරීමේ විරෝධතාවයන් අතරතුර හින්දු සහ අනෙකුත් ආගමික සුළු ජාතීන්ට එරෙහි ප්‍රහාර සිදුව ඇති බවත් ඒවා විසඳීමට කටයුතු කරන බවත් බංග්ලාදේශ් රජය නිවේදනය කර තිබේ.

ලෝකයේ අටවන විශාලතම ජනගහනය සහිත බංග්ලාදේශයේ මිලියන 170 කට ආසන්න ජනගහනයක්වන අතර ඉන් 8%ක් හින්දුන් වේ.

හසීනා ඉන්දියාවට පලා යාමත් සමඟ ඉන්දියාව සමඟ කෝපයෙන් කටයුතු කළ විරෝධතාකරුවන් හින්දුවරුන්ට එරෙහි ප්‍රහාර, වධහිංසා පැමිණවීම් සහ කෝවිල් කඩාකප්පල් කිරීම්, කොල්ලකෑම්, දේපල ගිනිතැබීම් ආදී ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් සිදු කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඉන්දියා සිය කෝපය හා අප්‍රසාදය පළකර ඇත.

මෙ වන විට නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් උපදේශක කවුන්සිලය ලෙසද හැඳින්වෙන අන්තර්වාර ආණ්ඩුව හදිසී අවශ්‍යතා රැසක් ලැයිස්තුගත කර ඇති අතර ඒ අතර අගතියට පත් සුළු ජාතීන්ගේ ගැටළු විසදීමද ප්‍රධාන කරුණක් බව කියවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...