සමරවික්‍රමගේ වික්‍රමය නොනැවතී පෙරට…

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 12, (LNW) කොළඹ :

හර්සිත සමරවික්‍රම ශ්‍රී ලංකාවට ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් කුසලානය දිනා දීම සඳහා ක්‍රියාත්මත කළ අති විශිෂ්ට ඉණිම හා සමාන තවත් ඉණිමකින් අයර්ලන්ත සංචාරයේ පළමු විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට සමත් වූවාය.අවසාන වශයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක උප නායිකාව ලෙස නම කියවුණු හර්ෂිතා සමරවික්‍රම,චමරිගේ හිස් තැන පුරවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රවෘත්තිවලින් පවා ඉඟි කර තිබුණ ද පළපුරුදු,35 හැවිරිදි අනුෂ්කා සංජීවනීට නායකත්වය හිමි විය.


කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට පැමිණි අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව හොඳ ඉණිමක් ගොඩ නඟන්නට සෑහෙන වෙහෙසක් දැරීය.එය අසාර්ථකම නොවුණු අතර යම් තර්ජනයක් ඇති කළ හැකි ලකුණු 145 ක් කඩුලු 6 ට ලබා ගන්නට අයර්ලන්ත ක්‍රිඩිකාවෝ සමත් වූහ.අයර්ලන්ත ඉණිමේ ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවන් ලැබූ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුම පිතිකරණ වේගය සියය ඉක්මවා ලකුණු රැස් කිරීම කැපී පෙණින.ඒ අතරින් වැඩිම ලකුණුලාභිණිය වූ ගැබී ලෙවිස් පන්දු 33 දී ලකුණු 39 ක් රැස් කරන්නට සමත් වූවාය.


ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 35 ට කඩුලු 2 ක් දවා ගත් අතර සුගන්ධිකා කුමාරි ලකුණු 23 ට කඩුල්ලක් සහ උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20 ට කඩුල්ලක් දවා ගන්නට සමත් වූහ.දුවද්දි දැවී යාම් දෙකක් වාර්තා විය.


පිළිතුරු ඉණිමට චමරිගේ නායකත්ව හිස්කම පුරවන්නට යොදා නොගත්ත ද ආරම්භක පිතිකාරිණියගේ වගකීම ගෙන හර්ෂිතා සමරවික්‍රම පැමිණියා ය.ඇය විශ්මි ගුණරත්න සමඟ එක්ව පළමු කඩුල්ලට තැබූ සබඳතාවය ලකුණු 83 ක් විය.විශ්මි ලකුණු 30 ට දැවී යාමෙන් පසුව පැමිණි කවීශා ට ද,නායිකා අනුෂ්කා සංජීවනී ට ඉහළ ඉණිම් කරා යන්නට අවස්ථාව නොලැබුණ ද,හර්ෂිතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍යය පරිසරය සකස් කර ගනිමින් පහසුවෙන් පිත්ත හැසිරුවාය.පන්දු 45 දී නොදැවී ලකුණු 86 ක් වූ ඇයගේ ජයග්‍රාහී ඉණිමට හතරේ පහර 15 ක් සහ හයේ පහර 1 ක් ඇතුළත් වූවාය.තරගයේ 17 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවට තර්ඩ්මෑන් කළාපය හරහා හර්ෂිතා ලබා ගත් හතරේ පහරෙන් පන්දු ඕවර් 20 ට පන්දු 21 ක් තිබියදී ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 149 ක් විය.
තරගයේ වීරවරිය ලෙස අභිෂේක ලද්දී හර්ෂිතාය.ඒ දස්කම නිසා ඇයර්ලන්ත විස්සයි විස්ස තරගාවලියේ පෙරමුණ ද ශ්‍රී ලංකාවට හිමි විය.ලකුණු පූවරුව පහතින් දැක්වේ.
https://es.pn/3Ak59Ot

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...