”මම ආඩම්බරකාර දකුණු අප්‍රිකානු ශ්‍රවණාබාධිත කාන්තාවක්…”Mia Le Roux

0
264

රෂිකා හෙන්නායක අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු අප්‍රිකානු ඉතිහාසයේ පළමු වරට ශ්‍රවණාබාධ සහිත රූමතියක් 2024 වසරේ දකුණු අප්‍රිකානු රූ රැජින ලෙස කිරුළු දරයි.

Monara

Mia Le Roux නම් ඇය සිය ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, තමන් මෙන් සමාජයෙන් කොන් වී ඇතැයි හැඟෙන අයට මෙම ජයග්‍රහණය බලාපොරොත්තුවක් ගෙන එනු ඇති බවයි.

එමෙන්ම විවිධ අවශ්‍යතා ඇති පිරිස් සඳහා මෙන්ම මූල්‍යමය අපහසුතා ඇති පිරිස් සඳහා තමාට උපකාර කිරීමට අවැසි බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Monara

28 හැවිරිදි මියා හට වයස අවුරුද්දක් පමණ වන විට ප්‍රබල ශ්‍රවණාබාධයක් ඇති බව හඳුනාගෙන ඇති අතර ඇයට ශබ්ද ඇසීමට උපකාර වන ශ්‍රවණ උපකරණයක් ද බද්ධ කිරීමට සිදුව ඇති බව සඳහන්.එමෙන්ම ඇයට කථනය සඳහා ද වසර දෙකක කාලයක් පමණ වෙහෙසීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.නිරූපිකාවක සහ අලෙවි කළමනාකාරිණියක ලෙස කටයුතු කරනු ලබන මියා ලොවට ආඩම්බරයෙන් කියූ කාරණාව නම්,

‘මම ආඩම්බරකාර දකුණු අප්‍රිකානු ශ්‍රවණාබාධිත කාන්තාවක්.

මම දැන් දන්නවා මායිම් කඩන්න මාව මේ ග්‍රහලෝකයට එව්වා කියලා…” යන්නයි.

Monara
Monara
Monara
Monara
Monara