*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

ස්වභාෂාවෙන් පමණක් ඉගෙනීමෙන් රැකියා සොයාගැනීමට අසීරුයි. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙනගන්න – ධම්මික පෙරේරා

සටහන – රුවන් නෙළුගොල්ල

සිංහල හෝ දෙමළ භාෂා පමණක් ඉගෙනීමෙන් වත්මන් රැකියා වෙළඳපොල තුළ රැකියා සොයාගැනීම අසීරු වී ඇති බැවින් තම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට කැපවන මෙන් ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.

“මේ ඩිජිටල් ලෝකයේ වෙන් වෙන් රටවල් නැහැ. ලෝකයම එකක් වෙලා තිබෙනවා. ඒ ලෝකයේ භාෂාව තමයි ඉංග්‍රීසි. මෙතෙක් කල් තම මව් බසින් පමණක් අධ්‍යාපනය ලබාදුන්නු ප්‍රංශය, චීනය කියන රටවල් පවා අද මෙතැනදි ගැටළුවලට මුහුණ දී සිටිනවා. බංගලිදේශයේ ප්‍රශ්නයත් එයමයි. රටේ මුදුන්මල්කඩ වගේ තිබෙන විශ්වවිද්‍යාලයකට ගොසිනුත් රැකියාවක් නැතිනම් කැරළි ගහන එක තමයි කරන්න වෙන්නේ”

ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් සිය ඩීපී එඩියුකේෂන් වේදිකාව ඔස්සේ ලොව 140කට වැඩි රටවල් විසින් පිළිගනු ලබන IELTS ඉංග්‍රීසි භාෂා පරිසාධන විභාගය සඳහා පාඨමලාවක් පවා සකසා ඇති බවයි.

“දරුවන්ට වෙන මොනවා නැතත් මේ තොරතුරු තාක්ෂණ විෂය සහ ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. ජාත්‍යන්තර මට්ටමේ රැකියාවකට අවස්ථාව උදාකරගන්නවා මිස රට ඇතුළේ රැකියාවල් ගැන විශ්වාසය තබන්න එපා. ‍සමහර විට මේ රටේ වෘත්තීය පාඨමාලා හදැරූ පමණින් එයට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. නමුත් පිටරටට සරිලන වෘත්තීය පාඨමාලා ඩීපී එඩියුකේෂන් එක හරහා අපි සම්පාදනය කරනවා” යැයි ඒ මහතා පැවසුවේ ඩීපී එඩියුකේෂන් වෘත්තීය පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් ද දැනුවත් කරමිනි.

“දැනුම තමයි ධනය සඳහා තිබෙන කෙටිම දුර. මම මෙහි සිටින හැම දරුවෙක්ටම කියන්නේ අධ්‍යාපනයෙන්ම දියුණුවෙනවා හැරෙන්න ධනයට තිබෙන වෙනත් කෙටි ක්‍රම ගැන නම් හිතන්න එපා. අධ්‍යාපනය නොමැතිව මෙවැනි තැනකට එන්න බැහැ. මගෙ ජීවිතයත් ගොඩනැගුනේ එහෙමයි” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී පැවති බස්නාහිර පළාත් ඩීපී අයි.ටී කැම්පස් සිසුන් හට සහතිකපත් බෙදාදීමේ උත්සවය අමතමිනි.

මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය සහ පූජක පක්ෂය මෙන්ම සිසුන් දෙමාපියන් ඇතුළු 12,000ක පමණ දැවැන්ත ජනකායක් මෙම උත්සවයට සහභාගී වී සිටියහ.

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ තවත් සමාජ සත්කාරයක් වන ඩීපී එඩියුකේෂන් භාෂා පාසල මගින් මේ වනවිට ඉංග්‍රීසි, ජපන්, ඉතාලි, කොරියානු සහ චීන භාෂා පාඨමාලා හැදෑරීමට ඔබට අවස්ථාව ලබාදී තිබේ. ඉතාම ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් මෙම පාඨමාලාවන් අන්තර්ජාලය ඔස්සේ ඔබට නොමිලේම හැදෑරීමට හැකිය.

එමෙන්ම භික්ෂූන් වහන්සේලා උදෙසා සංස්කෘත සහ පාලි භාෂා පාඨමාලාවන් ද මෙම භාෂා පාසල මගින් පවත්වාගෙන යනු ලැබේ.

ඩීපී එඩියුකේෂන් භාෂා පාසල සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න ….

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan