යුක්රේනය විසින් රුසියාවේ වර්ග කිලෝමීටර් 1,000ක කලාපයක් අත්පත් කර ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනය විසින් රුසියාව ඉලක්ක කර ගනිමින් දියත් කළ මහාපරිමාණ ආක්‍රමණය හරහා කර්ස්ක් කලාපයේ වර්ග කිලෝමීටර් 1,000 ක් (වර්ග සැතපුම් 386 ක්) තම හමුදාව අල්ලාගෙන ඇති බව වාර්තා වේ.

යුක්රේනයේ ඉහලම අණදෙන නිලධාරී ඔලෙක්සැන්ඩර් සිරස්කි වීඩියෝ සබැඳිය මගින් මේ බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට දැනුම් දී ඇති අතර රුසියානු භුමියේ ප්‍රගතිය දිගටම පවතින බව සඳහන් කර තිබේ.

කර්ස්ක්හි ආණ්ඩුකාර ඇලෙක්සි ස්මිර්නොව් සඳහන් කර තිබුණේ, යුක්රේන හමුදාව විසින් ජනාවාස 28ක් සිය භාරයට ගෙන ඇති බවත් ඔවුන්ගේ ප්‍රහාර හේතුවෙන් එක් සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගොස් තවත් 121 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, සටන් ආරම්භයේ සිට පුද්ගලයින් 21,000 ක් කර්ස්ක් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්ය.

යුක්රේන ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලබා දෙන බවට රුසියානු ජනාධිපති පුටින් පොරොන්දු වී ඇති අතර ඔහු රජයේ නිලධාරීන් සමඟ පැවැත්වූ රූපවාහිනී සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ, සතුරාගේ පැහැදිලි ඉලක්කයක් වන්නේ අසමගිය, ආරවුල් වැපිරීම, මිනිසුන් බිය ගැන්වීම, රුසියානු සමාජයේ සමගිය සහ සහජීවනය විනාශ කිරීම වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...