ගැලවිලා ගිය අයගෙන් අපට වැඩක් නැහැ. අපි ජයග්‍රහණය කරා යනවා – පොහොට්ටු ලේකම්

Date:

කොළඹ LNW:පක්ෂය හැර ගිය අයගෙන් වැඩක් නැති අතර ශක්තිමත්ව ඉදිරියට යන බවත් අරමුණ ජයග්‍රහණය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ, අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ කාර්යාලය විඑරුත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එය සිදු විණි.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණය තෙක් පූර්ණ කාලීනව නීතිඥ කණ්ඩායමක් කාර්යාලය තුළ කටයුතු කරන අතර ඊට මැතිවරණ දුෂණ ක්‍රියා, අකටයුතුකම සම්බන්ධයෙන් පාක්ෂිකයින් ඇතුළු ඕනෑම අයෙකුට පැමිණිලි කිරීමේ හැකියාව ලබා දී තිබේ.

ඊට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි සාගර කාරියවසම් මහතා කියා සිටියේ.

පක්ෂයේ උඩ සිටින කිහිප දෙනෙකු ගැලවී ගියද බිමේ ඉන්න පාක්ෂිකයා,පුරවැසියා පක්ෂය සමඟ සිටින අතර පොහොට්ටුව දේශපාලනය කරන්නේ එම ජනතාව සමඟින් බවයි කාරියවසම් මහතා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...