අද (14) දවසේ තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ

සටහන – රුවන් නෙළුගොල්ල

අද (14) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ පළාතෙත් අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...