එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් පුහුණු කරන්න එංගලන්තයෙන්ම කෙනෙක්

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 14, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත ක්‍රීඩක ඉයන් බෙල් කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අදහස් දක්වන ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පෙන්වා දෙන්නේ එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කර අත්දැකීම් ඇති ඉයන් බෙල්ගේ දස්කම් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ සංචාරයේ දී වැදගත් වනු ඇති බවය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය පදනම් කරගෙන එම ටෙස්ට් තරග තුනේදී හ්‍රී ලංකාවේ පිතිකරුවන්ට මඟ පෙන්වීම සඳහා කැඳවා ඇති ඉයන් බෙල් 42 හැවිරිදි ය.ටෙස්ට් තරග 118 දී එංගලන්තය නියෝජනය කර අත්දැකීම් ඇති ශතක 22 ක එකතුවක් හිමි ඉයන් බෙල් එකතු කරගෙන ඇති ලකුණු 7727 සාමාන්‍ය සඳහන් වන්නේ 42.69 ක් ලෙස ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...