පාස්කු යුක්තිය ඉටුකිරීමේ ක්‍රියවලිය වෙනුවෙන් ඇමරිකාවේ සහය!

කොළඹ LNW:පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග වෙනුවෙන් පූර්ණ සහය ලබා දෙන බව ඇමරිකාව පවසා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමු කරමින් කළමනාකරණය හා සම්පත් පිළිබඳ ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචර්ඩ් ආර්. වර්මා මහතා ඒ අවධාරණය කර ඇත.

රිචර්ඩ් ආර්. වර්මා මහතා සඳහන් කරන්නේ පසුගිය පෙබරවාරි මස ශ්‍රී ලංකා සංචාරයේදී තමා හමුවීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බවයි.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ ප්‍රබල හඬ මෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ සමෘද්ධිය හා ආරක්ෂාව වෙනුවෙන් දෙරට අතර හවුල්කාරිත්වය ඉතා වැදගත් වන බව පෙන්වා දෙන ඒ මහතා පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය හා වගවීම දැකීමේ ඉලක්කය ඇමරිකාව අගය කරන බව පෙන්වා දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලබන විමර්ශනයට හා වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට ඇමරිකාව පූර්ණ සහය දක්වන බව නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා පවසයි.

ප්‍රහාරය එල්ල වූ දිනයේ සිටම ඇමරිකාව ශ්‍රී ලංකා බලධාරීන්ට නීතිමය හා විමර්ශනාත්මක සහාය ලබා දී තිබෙන බවත් නඩු විභාගය තවමත් සිදුවන බැවින් ඇමරිකාව මේ සම්බන්ධයෙන් තවදුරටත් හවුල්කාරිත්වය දක්වන බවයි වර්මා මහතා ප්‍රකාශ කරන්නේ.

වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඉතා වැදගත් වන අතර, වින්දිතයන්ගේ හා සිවිල් සමාජයේ හඬට ඇමරිකාව අවධානය යොමු කරන බවත් වින්දිතයින් 268 දෙනෙකු අතර සිටින ඇමරිකානු පුරවැසියන් පස් දෙනාටද යුක්තිය ඉටු වේ යැයි තමන් අපේක්ෂා කරනබවත් ඔහු කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...