රිෂාඩ්ගේ පක්ෂය ඇතුළේ අනුරගේ නමත් යෝජනා වෙලා!

Date:

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ සහය සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට මේ වන විටත් තීරණය කර තිබේ.

මෙම තීරණය ගැනීම සඳහා අද (14) පස්වරුවේ එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වූ අතර එහිදී සහය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කිරීම සඳහා රහස් ජන්දයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

එම රහස් ජන්දයට අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහය දිය යුතු බවට ජන්ද 31ක් ලැබී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ලැබී ඇත්තේ ජන්ද 14ක් බව සඳහන්.

කෙසේවෙතත් මෙහි විශේෂත්වයක් වන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ නමද යෝජනා වී තිබීමයි.

ඒ අනුව අනුර දිසානායක මහතාට පක්ෂව එක් ජන්දයක් ලැබී ඇති බවයි කියවුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...