ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගාසා තීරයේ පාසල් අසරණ වෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මාස 10ක කාලය තුළ ඊශ්‍රායලය ගාසා තීරයේ පාසල් 500කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වන අතර, පසුගිය සතියේද ඊශ්‍රායලය ගාසා තීරයේ පාසලකට එල්ල කල ප්‍රහාරයකින් 100 කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වේ.

සෙනසුරාදා උදෑසන යාඥා මෙහෙයක් අතරතුරයි අල්-තල්බින් පාසලට මෙම ප්‍රහාරය එල්ල වුණේ. හමාස් හා පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් පාසලේ සිට ක්‍රියාත්මක වන බවට චෝදනා කරමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ලකර තිබුණි.එහෙත් එය හමාස් සටන්කාමීන් ප්‍රතික්ෂේප කර ඇත.

ඊශ්‍රායලය ගාසා තීරයේ පාසල්, රෝහල් හා විශ්වවිද්‍යාල ගණනාවකට මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර හමුදා කටයුතු සඳහා භාවිත කළ බව පවසමිනි. මේ අතර පසුගිය දින 10 ක කාලයක් තුළ ඊශ්‍රායල හමුදා ගාසා තිරයේ පාසල් පහකට ප්‍රහාර එල්ල කළ අතර 179 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...