නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපති දළදාව වැදපුදා ගනියි!

Date:

කොළඹ LNW:2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත්තේය.

ශ්‍රී දළදා මාලිගාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදි.

අනතුරුව ජනාධිපතිවරයා විශේෂ අමුතන්ගේ කුටියේදී සුහද පිළිසඳරක නිරත වූ අතර එම අවස්ථාව සඳහා ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න,මහින්දානන්ද අලුත්ගමගේ යන මැති ඇමතිවරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් එක්විය.

අනතුරුව ජනාධිපතිවරයා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...