චීන ශ්‍රී ලංකා තරුණ හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක්!

Date:

කොළඹ LNW:චීන ශ්‍රී ලංකා තරුණ හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් පැවැත්වේ.

”හායි චයිනා හායි ශ්‍රී ලංකා” යන තේමාවෙන් යුත් එම වැඩසටහන චීන මාධ්‍ය සමූහය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධාන කළේය.

ජාතික තරුණ‍ සේවා සභා ක්‍රීඩාංගණයේ පැවති එම වැඩසටහන තරුණ ක්‍රියාකාරකම් රැසකින් සමන්විත විය. චීන මාධ්‍ය සමූහයේ සිංහල අංශයේ ප්‍රධානී ෂී යුයැ මෙනවිය එහිදී සඳහන් කළේ චීන මාධ්‍ය සමූහය මෙවැනි වැඩසටහන් ලොව පුරා පවත්වමින් විවිධ රටවල තරුණ තරුණියන් අතර සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනයට ක්‍රියා කරන බවයි.

මෙවැනි වැඩසටහන් චීන ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වයේ වැදගත් අවස්ථාවක් ලෙසට සැලකිය හැකි බවද ඇය සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා සඳහන් කළේ මෙම වැඩ සටහන ජාතික තරුණ සේවා සභාවේ ඉගෙනුම ලබන තරුණ තරුණියන්ට නවමු අත්දැකීමක් වූ බවයි.

ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර “වරුණි” ලෙසින් ජනප්‍රිය චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදිනී ජ්‍යන් සොන් සිං මෙනවිය සිංහල ගීත ගායනා කරමින් ඉදිරිපත් කළ ක්‍රියාකාරකම් පැමිණ සිටි තරුණ තරුණියන් ගේ වඩාත් ආකර්ශණයට ලක්විය.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...