මැ.කො. කියන විදියට වැඩ කරන්න බෑ. එහෙම කළොත් රෝහල්වල බෙහෙත් දෙන එකත් නවත්වන්න වෙනවා – රත්නප්‍රිය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ජනතාවට සහනාධාර ලබාදීම නවත්වන්නැයි මැතිවරණ කොමිසම දැනුම්දී ඇතත් ඒවා කිසිසේත්ම නතර කළ නොහැකි යැයි ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

“මැතිවරණ කොමිසම ලිපියක් නිකුත් කරලා තිබුණා ජනාධිපති ලේකම්වරයාට මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ මහජනතාව වෙත සහනාධාර ලබාදීම නතර කරන්න කියලා. ඒ ලිපියට පිළිතුරක් යවනවා ජනාධිපති ලේකම්වරයා මේ රට ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට ගියා, එහි ප්‍රතිඵලයක් විදියට දරිද්‍රතාවය වැඩිවුණා, ඒ වගේම රටේ බොහෝ සංවර්ධන වැඩ කඩාකප්පල් වුණා, ඒකට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා සහන අරගෙන මේ රටේ ජනතාවට සහන දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව කරගෙන යනවා. ඒ සහන දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව කරගෙන යාම කිසිසේත්ම නවත්තන්න බෑ කියලා. මැතිවරණ කොමිසම කලින් තිබුණෙ නැති ආකාරයේ පිටු හයක විතර චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා මේ සැරේ ජුලි 26 වෙනිදා. මේ චක්‍රලේඛයේ ඔප්පු දෙන්න බැරි බව, නිවාසවල අයිතිය දෙන්න බැරි බව, අනෙකුත් සහනාධාර දෙන්න බැරි බව පැහැදිලිවම නිශ්චිතව කියලා තියෙනවා. එතකොට දැන් අපේ රටේ දුප්පතුන් ලක්ෂ 25ක් ඉන්නවා. ඒ අයට සහන දෙනවා. ඒ සහන නතර කරන්න කියලාද කියන්නෙ ? එතකොට ඒ මාස දෙක ඇතුළත මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද ? කනබොන දේ ගන්නෙ කොහොමද ? දැන් එහෙම නම් රෝහල්වලින් බෙහෙත් දෙනවා. ඒකත් නොමිලේනෙ දෙන්නෙ. එහෙනම් බෙහෙත් දෙන එකත් ප්‍රශ්නයක්නෙ, ඒකත් ආණ්ඩුවනෙ කරන්නෙ ? ඉතින් එහෙම නම් ඒකත් නතර කරන්න එපැයි. ඒ නිසා මේවා පිළිබඳ සාධාරණ අදහසකින් මැතිවරණ කොමිසම කටයුතු කරන්න ඕනෙ කියලායි අපි විශ්වාස කරන්නෙ”

සමන් රත්නප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!

කොළඹ LNW: දණ්ඩ නීති සංග්‍රහයේ 386,388 වගන්ති හා පොදු...

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...