*
Friday, September 20, 2024
spot_img

Latest Posts

යාළුයි අපි යාළුයි කියල නායකයෝ බදාගත්තට ජනතාව ඉන්නේ අපි එක්ක.එහෙට මෙහෙට පනින ගෙම්බෝ අපි ළඟ නැහැ – AKD

කොළඹ LNW:ප්‍රතිපත්ති පෙන්වා පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් එහෙට මෙහෙට පනින ගෙබි දේශපාලන සංස්කෘතිය නතර කර දැමිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ, අද (17) උදෑසන බම්බලපිටිය ශ්‍රී මානිකා විනයාගර් කෝවිලට පැමිණ එම කුරුක්කල්තුමන්ලාගෙන් ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ප්‍රතිපත්තිගරුකව එහෙට මෙහෙට පනින ගෙම්බන්ගෙන් තොරව මැතිවරණ ව්‍යාපාරය කරන්නේ ජාතික ජන බලවේගය බවයි දිසානායක මහතා කියාසිටියේ.

අද දේශපාලන වේදිකාවල නායකයින් යාළුයි අපි යාළුයි කියා බදාගත්තද ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගය සමඟින් බවද ඔහු සඳහන් කළේය.

”ඔබ දකිනවා මේ දවස්වල දිගටම එහෙට පනිනවා මෙහාට පනිනවා. එහෙන් එනවා මෙහෙන් එනවා. ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වෙලා තිබෙනවා.අපේ රටේ ජනතාවගේ විරෝධය තියෙන්නේ මෙන්න මේ ගෙඹි දේශපාලනයට. මම හිතනවා එහෙට මෙහට පනින ගෙම්බන් එකතු කරගත්ත දේශපාලනය අපේ රටේ නතර කරන්න ඕනේ. අද අපේ රටට අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්. අද බනිනවා. ඒ බනින කටින්ම පහුවදා හොඳ කියනවා. ඒ නිසා මේ කැත මජර දේශපාලන නතර කරන්න ඕනේ. මෙවර ජාතික ජන බලවේගයේ විතරයි ප්‍රතිපත්තිගරුක කණ්ඩායමක් එක්ක එහෙම මෙහට පනින ගෙම්බන් ඇහිද ගන්නේ නැති කණ්ඩායමක් එක්ක මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙමින් තියෙන්නේ. ඒක තමයි අපේ තියෙන වටිනාකම. ඒ නිසා රනිල් වික්‍රමසිංහට හෝ වෙන කිසිවෙකුට ඔය කුඩා කුඩා කණ්ඩායම් එකතු වුණා කියල මහජනයා එකතු වෙන්නේ නැහැ. ඔය අටවගත්ත නායකයෝ වේදිකාවට නැගල යාළුයි අපි යාළුයි කියල බදාගත්ත්ට අද පොදු ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගය එක්ක. ඒවා කිසිවක් අපිට අභියෝගයක් නෙවෙයි.”

ඒ අනුව එහෙට මෙහෙට පනින දේශපාලනය අවසන් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන බවයි දිසනායක මහතා පැවසුවේ. දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන හෙයින් එම නීති පද්ධතිය ශක්තිමත් කරන බවයි ඔහු සඳහන් කළේ

රට ඉදිරියට යාමට නම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

”කවුරු හරි හිතනවා නම් මේ පනින්නේ ප්‍රතිපත්තිවලට කියල එහෙම දෙයක් නැහැ. මේ ගොඩක් අය පනින්නේ ඊළඟ පාර්ලිමේන්තුවට එන්න පාරක් හොයාගන්න. අපි දන්නවා ගොඩක් අය දේශපාලනයෙන් අනාථ වෙලා ඉන්නේ. ඒ නිසා ඒ අයට ඊළඟ පාර්ලිමේන්තු ජන්දෙට ගොඩවෙන්න පාරක් හොයාගන්න ඕනේ. සමහර අය පනිනවා මේ අවසන් කාලේ සල්ලි ටිකක් හොයාගන්න. තව සමහර අය පනිනවා ආණ්ඩුවක් හැදුවොත් අමාත්‍ය ධූරයක් ගන්න. තව සමහර අය පනිනවා LRC එකෙන් ඉඩම් ගන්න. මං ළඟ තියෙනවා විස්තර. සමහර අය පනිනවා බාර් පර්මිට් ගන්න. ඒ නිසා මේ පොදු ප්‍රතිපත්ති මත සිද්ධ වෙන දේශපාලන වෙනසක් නෙවෙයි. පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මේ කැත දේශපාලනය නතර කළ යුතුමයි” යනුවෙන් අනුර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan