සමහර දේශපාලකයින්ගේ හැසිරීම් දැක්කම ගහල ගෙවල් ගිනි තියපු එක සාධාරණයි – නාමල් රාජපක්ෂ

Date:

කොළඹ LNW:දේශපාලකයින් ගැන තිබෙන වැරදි මතය ඇතැම් දේශපාලකයින්ගේ හැසිරීමෙන් තහවුරු කරන අතර ඒ අනුව නම් මන්ත්‍රීවරුන්ට ගසා ගෙවල් තැබීම සාධාරණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

225ම එපා යනුවෙන් ජනතාව පවසන්නේ එම හැසිරීම් දුටුවිට වන්නට ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සිදුවෙමින් පවතින දේ අනුව මන්ත්‍රිවරුන්ට පහර දී ගෙවල් ගිනි තැබීම සාධාරණ බවයි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ කියන්නේ. තමන්ගේ ගනුදෙනුව ඇත්තේ ජනතාව සමඟ බවයි ඔහු පවසන්නේ.

“පක්ෂයක් ලෙස අපි ශක්තිමත්. මින් පෙරත් ගෝඨාභය මහත්තයාගේ කාලේ පිරිසක් ස්වාධීන වුණා. මෙතෙක් කල් කිව්වෙ රාජපක්ෂලා ඉන්න හින්දා දෙමළ මුස්ලිම් පක්ෂ ජනාධිපතිවරයාට උදව් කරන්නෙ නැහැ සජබෙ මන්ත්‍රිවරු උදව් කරන්නේ නැහැ කියලා. දැන් ජනාධිපතිතුමාට අපි කියන්නේ සජබෙට කතා කරලා මන්ත්‍රිවරුන් ගන්න. දෙමළ සන්ධානයට කතා කරලා රාවුෆ් හකීම්ට, බදියුදීන්ට කතා කරලා ඒ අයගෙ සහය ගන්න. මෙතෙක් කල් කිව්වෙ වමේ සහ සිංහල බෞද්ධ පදනම නිසා ඒ අය එන්නෙ නැහැ කියලනේ. දැන් ඒ අයට පුළුවන් අනෙක් කට්ටියත් එකතු කරගෙන යන්න.ඉලක්කම් අපිටත් පෙන්වන්න පුළුවන්. ඒ පින්තූරවල ඉන්න අය මේ පැත්තෙ ඉන්න බව දකින්නත් පුළුවන්. අපේ ගනුදෙනුව තියෙන්නෙ ජනතාව එක්ක. අපිත් ඉලක්කම් පෙන්වන්න ගියොත් අපිත් ඒ අයගෙ තත්ත්වයට පත් වෙනවා. මැතිවරණය මෙහෙයවනකොට බලන්න පුළුවන් කවුද ඉන්නෙ කවුද නැත්තෙ කියලා. මේ රටේ දේශපාලකයන් ගැන තියෙන වැරදි මතය සමහර දේශපාලකයන්ගෙ හැසිරීමෙන් ජනතාවට තහවුරු කරනවා. එහෙම බැලුවම අපිට ගහලා, ගෙවල් ගිනි තියන එක සාධාරණයි මේවා දැක්කම. ඒ නිසා වෙන්න ඇති දෙසිය විසිපහම එපා කියන්නේ” යනුවෙන් මන්ත්‍රීවරයා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...