චමරි නැවත දිනා ගැනීම ගැන සිඩ්නි තන්ඩර්ස් සතුටෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 18, (LNW) කොළඹ :

“ඇයව ගැනීමට අනිත් කණ්ඩායම් උනන්දු වූ බව අපි දන්නවා.ඒත් ඇය නැවත අපට දිනා ගැනීමට කළ උත්සාහයේ අපි දිගටම රැදී සිටියා.ඉකුත් ගිම්හානයේ දී ඇය කණ්ඩායම් සඟයන්ට මෙන්ම සිඩ්නි තන්ඩර්ස් රසිකයන් සමඟත් ගත කළ සමීප ආකාරයට අපි කැමතියි.”


සිඩ්නි තන්ඩර්ස් හී සාමාන්‍යාධිකාරී ට්‍රෙන්ට් කෝප්ලන්ඩ් ඒ ආකාරයට පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු බිග්බෑෂ් තරගාවලිය වෙනුවෙන් වසර තුනක කාලයකට සිඩ්නි කන්ඩර්ස් කණ්ඩායමට දිනා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.


මීට පෙර Melbourne Renegades සහ Perth Scorchers සමඟ WBBL හි තරඟ කර ඇති චමරි,ඉකුත් වසරේ සිඩ්නි තන්ඩර්ස් හා සම්බන්ධ වන්නේ ආවරණ ක්‍රීඩිකාවක් ලෙසයි.එහිදී ලැබුණු පිළිගැනීම සමබන්ධයෙන් චමරි ච තෘප්තිමත්ව ඇති ආකාරයක් පෙනෙන අතර ඇය ඒ ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙතරම් විවිධ වූ සහ විචිත්‍රවත් ප්‍රජාවක් නියෝජනය කිරීමට ලැබීම භාග්‍යයක් බවත් ඒ ගැන තමන් ඉතාමත් සතුටින් සිටින බවත් ය.


ඒ අනුව මෙවර බිග්බෑෂ් තරගාවලිය ආරම්භවීමට නියමිත ඔක්තෝම්බර් 28 වන දින සිට මේ වසරේ තරගාවලයටත්,එළැඹෙන වසරවල තරගාවලි සඳහාත් චමරි සිඩ්නි තන්ඩර්ස් සමඟ ක්‍රීඩා කරනු දැකීමට අපට හැකි වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...