*
Monday, October 7, 2024
spot_img

Latest Posts

පිච් එක හරි වුණාට මැච් එක බැහැ.අමාත්‍යංශයෙන් විකට් හංගන පන්නයේ බාල වැඩක්?

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 18, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයන් ආර්ථික වශයෙන් පොහොසත් තත්ත්වයක තිබිය යුතු බව අපි නිතර යෝජනා කරන්නෙමු.ක්‍රීඩා අමාත්‍යංශය මත සෑම මොහොතකම යැපීමේ අරමුණේන බලයට පත් වන ක්‍රීඩා සංගම් සහ සම්මේලන තමන්ගේ ඉලක්ක සාක්ෂාත් කර ගන්නේ ක්‍රීඩා අමාත්‍යංශය විසින ලබා දෙන මූල්‍ය දායකත්වයේ ප්‍රමාණයට සාපේක්ෂවය.ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රධාන වගකීම වන රටේ ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයට වඩා,යම් යම් ක්‍රීඩාවන්වල ප්‍රවර්ධණය සඳහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා කණ්ඩායම් විදේශ ගත කිරීමට විශාල මුදලක් වැය කිරීම සාමාන්‍ය තත්ත්වය වී ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය තමන් වගකීම දරමින් රට නියෝජනයට යැවිය යුතු ඉසව් සහ තමන් අනුග්‍රහය නොදක්වා එම ක්‍රීඩා පරිපාලන විසින් අනුග්‍රහයන් සොයා ගෙන යා යුතු ඉසව් කවරේද යන්න තීරණය කළ යුතුව ඇත.මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යංශය පස්ස ගසමින් සිටින බව වාර්තා වන්නේ ඒ ආකාරයට රට ලෝකය නියෝජනය කරන අමාත්‍යංශයේ අතදීම අවශ්‍යයම ඉසව්වකටය.ඒ ලීමා හී දී අගෝස්තු 27 සිට 31 දක්වා පැවත්වීමට නියමිත අවුරුදු 20 න් පහළ ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියටය.


මලල ක්‍රීඩා සංගමය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය ද නිවැරදිව සමිබන්ධීකරණය නොවීම නිසාත්,වගකීම් ඉටු කිරීමට අපොහොසත්වීම නිසාත් වීසා ගැටළු මතුව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට පසුගිය වසර කිහිපය තුළ ගැටළු රැසකට මුහුණ දෙන්නට සිදු වූ බව අපි දනිමු.ලීමා සංචාරය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙක් සුදුසුකම් ලබා ගත් මොහොතේම යළි පෙර වැරදි නොවන්නට ගත යුතු ක්‍රියා මාර්ග ගැන අපි කීවෙමු.ඒ කී නිසා නොව පෙර අමිහිරි අත්දැකීම් නිසා හෝ මේ වන විට වීසා ප්‍රශ්නය විසඳා ගන්නට සමත් වී ඇතත් ක්‍රීඩා අමාත්‍යංශය ගුවන් ටිකට් සමඟ වන වියදම් ලබා දීම ප්‍රතික්ෂේප කරමින් රටේ ක්‍රීඩාවේ අනාගතය ලෝකය ඉදිරියට යන මොහොත නොසළකා හරිමින් ක්‍රීඩාව කරන අමාත්‍යංශයක යුතුකම් සහ වගකීම්වලට වෙනස් අරුතක් දෙන්නට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.


ගෙවුණු ඔලිම්පික් උළෙල මෙන්ම පැරා ඔලිම්පික් තරගාවලිය සම්බන්ධයෙන් ද ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි හරීන් ප්‍රනාන්දු මූලිකත්වය ගෙන වැඩ කිරීම නිසා සහ එම වගකීම ඉටු කරන්නට පැවරුණු ශෙමාල් ප්‍රනාන්දු ඒ සඳහා කැපවීම නොවන්නට මෙවර ඔලිම්පික් මෙන්ම පැරා ඔලිම්පික් ද නියෝජනයට ශ්‍රී ලංකාවට අවස්ථාව නොලැබෙන්නට තිබිණ.සුදුසුකම් ලැබීමේ අවස්ථාවන් සඳහා අවශ්‍යය ජාත්‍යන්තර තරග සහභාගීත්වය ලබා දීමට ඒ අනුව කටයුතු කළ අතර එයින් ලැබුණු ඉඩ අනුව පැරිස් ඔලිම්පික් සහ පැරාඔලිම්පික් තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලබා ගත්හ.


එහෙත් මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයෙක් නොමැති අතර හරීන්ට නීතිමය තත්ත්වය මත ඉවත් වන්නට වූ විට අමාත්‍යවරයෙකු ක්‍රීඩා අමාත්‍යංශයට වහාම අවශ්‍යය බව අපි කීවෙමු.ඒ වැනෙන නිලධාරීන්ගේ තත්ත්වය ගැන අපට ඓතිහාසික අත්දැකීම් ඇති බැවින්ය.දැන් මේ තත්ත්වය උදා වී ඇත.ඉතිහාසයේ වැඩිම තරුණ කණ්ඩායමක් සුදුසුකම් ලබා ගෙන ලීමා තරගාවලියේ කඩඉම් පසු කර ඇත.ඒ 13 කි.අනාගත මලල ක්‍රීඩාවට පලදායි මේ තත්ත්වය සතුටු වී රටක් හැටියට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය පෝෂණය කරන්න අවශ්‍යය තල්ලුව ලබා දීමේ වැදගත්කම රජය පැත්තෙන් වටහා ගැනීම වෙනුවට මේ වන විට ඇමතිවරයෙකු නැති ක්‍රීඩා අමාත්‍යංශය රටකට ලොවක් වටින තත්ත්වයක් ඇති කිරීමට ගෙන ඇති මෙම පියවර නොසළකා හරමින් ඇත.


ඉලක්කම්වල දිග පළල,චක්‍රලේඛ වෙනුවට රාජ්‍ය පරිපාලනය යනු ප්‍රායෝගීකව වටිනාකම් තේරුම් ගෙන කටයුතු කිරීමක් නොවන අතර ඒ සඳහා හැමවිටම අවශ්‍යය වන දේශපාලන නායකත්වයක් තිබිය යුතුය.මේ වන විට එම තත්ත්වයෙන් බැහැර කප්පිත්තෙක් නැති නැවක බඳු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරි රටට වටින ජයග්‍රහණ ගෙන ආ හැකි අනාගතයක් රැක ගැනීම පසෙකට දමමින් ලීමා සංචාරයේ වගකීම දැරීමෙන් කර අරින්නට සූදානම් වෙමින් ඇත.ලොවක් හමුවට රටේ හෙට දවස නියෝජනය කරමින් 13 ක් යාමට සූදානම් වන මොහොතක එය නොසළකා හැරීමට සූදානම් අමාත්‍යංශයක් රටකට පලක් වේද යන්න,එම අමාත්‍යංශයෙන් රටට සේවයක් කරන බව සිතා වැටුප් ගන්නා නිලධාරීන්ම කල්පනාවට ගත යුතුව ඇත.මෙය බොහෝ විට ලෝකය ජයගත හැකි බලාපොරොත්තු කිහිපයක් සහිත උළෙලක් ලෙස හැඳින්විය හැකිය.ඒ අතර පිරිමි මීටර් 100 සහය කණ්ඩායම මෙන්ම යොවුන් ලෝක සූරතාවලියේ දී පදක්කම් දිනා ඇති මීටර් 400 කඩුලු සූරයා අයෝමාල් අකලංක වැනි ක්‍රීඩකයින් දෙස ලෝකයම බලා සිටින ක්‍රීඩා උළෙලකි.


අපි මේ රටේ දේශපාලනය සහ රාජ්‍ය නිලධාරීන්ගේ පරිපාලනය ගැන ඇති අත්දැකීම් සමඟ හරීන් ප්‍රනාන්දු ඉවත්වන මොහොතේම ලියූ ක්‍රීඩාවට ඇමති කෙනෙක් අවශ්‍යය බව කියූ සටහන මේ සිඳුවීම හරහා නැවතත් සහතික වෙමින් තිබේ.මේ තත්ත්වය ක්‍රීඩා කරන්නට පිච් එක සකස් කර දී තිබියදී විකට් කූරු හැංගීම වැනි බාල මට්ටමේ වැඩක් බව අපේ අදහසය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan