සර්ව ජන අපේක්ෂකයාට ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහය!

Date:

කොළඹ LNW:සර්වජන බලය ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක,නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළකරමින් නැගෙනහිර දමිල ජනතාව නියොජනය කරන ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක තංගරාජා විශ්නු කාන්තන් මහතා සර්වජන අදිටන් සම්මුතියට අද (19) අත්සන් තැබීය.

දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක එකඟතාවයෙන් ගොඩ නැගුනු සර්වජන බලය දේශපාලන එකමුතුව එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක් තේමාව යටතේ ව්‍යවසායකත්ව රාජ්‍යක් නිර්මාණය කිරීම අරමුණු කොට ගෙන ඇත.

දිලිත් ජයවීර මහතා සමඟ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන සර්වජන බලය විධායක සභිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...