“ස්තූතියි, ජෝ” සුබ පැතුම් මධ්‍යයේ බයිඩන් පක්ෂ නායකත්වයෙන් සමුගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ඊයේ(19)දිනයේදී චිකාගෝ හි පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සමුළුවේදී කමලා හැරිස්ට පක්ෂයේ නායකත්වය ලබා දී සිය පක්ෂ නායක ධුරයෙන් සමුගනු ලැබිය.

බයිඩන් සෙනෙට් සභිකයෙකු, උප සභාපතිවරයෙකු සහ අවසානයේ ජනාධිපතිවරයෙකු ලෙස අර්ධ ශතවර්ෂයක දිගු වෘත්තීය ජීවිතය තුළ ප්‍රජාතන්ත්‍රවාදී රටක පරමාදර්ශී චරිතයක්ව සිය ධරය නිමකරමින් අවසානයේ සිය කතාව නිම කර තිබුණේ, ඇමරිකානු ජාතික ගියේ පද කිහිපයක් වන ඇමරිකාව, මම ඔබට මගේ උපරිමය ලබා දුන්නා යනුවෙන් පැවසීමෙනි.

ජෝ බයිඩන් වේදිකාවට ප්‍රවිෂ්ට වන විට “අපි ජෝට ආදරෙයි!” “ස්තූතියි ජෝ”යනුවෙන් ප්‍රේක්ෂකයන් උණුසුම් ලෙස ඔහුව පිළිගනු ලැබූ අතර බයිඩන් අතිශය සංවේදී වනු වේදිකාව තුළ දක්නට ලැබිණි.

ජනාධිපතිවරයා ජනවාරි මාසයේදී සිය ධුරයෙන් ඉවත් වීමට පෙර සමුගැනීමේ දේශනයක් පැවැත්වීමට ඉඩ ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති විවාදයෙන් අනතුරුව ජනාධිපති තරඟයෙන් ඉවත්වන ලෙස බල කළ අය සමඟ තරහක් නොමැතිබව ප්‍රකශ කළ බයිඩන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඔබේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මගේ ජීවිත කාලයටම ගෞරවයක්වන බවත්, මම රැකියාවට ආදරෙය නමුත් මම මගේ රටට ඊට වඩා ආදරය කරන බවයි.

අනතුරුව වේදිකාවට පැමිණි කමලා හැරිස් සිය කතාව තුලදී ජනාධිපති බයිඩන්ට ඔහුගේ ඓතිහාසික නායකත්වයට සහ ජාතියට ඔබගේ ජීවිත කාලය පුරාවටම කළ සේවයට සහ ඔබ දිගටම කරන සියල්ලට ස්තූතිය පුදකළ අතර ඩෙලවෙයාර් සෙනෙට් සභික ක්‍රිස් කූන්ස් සඳහන් කර තිබුණේ, “ජෝ බයිඩන් තරම් දයානුකම්පිත මිනිසෙක් මම කවදාවත් දැන සිටියේ නොමැති බවයි’

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...