*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

බෝගම්බර හිරගෙදර හිල්ටන් හෝටලයට. තැපැල් කාර්යාලය ටාජ් හෝටලයට. කටුකැලේ ඩිපෝව තවත් හෝටලයකට – ජනපති

සටහන – රුවන් නෙළුගොල්ල

ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්වය ලෙස ලෝකය හමුවට ගෙන එමින් සංචාරක ව්‍යාපාරයේ කොටසක් බවට ද පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“ඉතා සාර්ථක සහ උසස් මට්ටමින් පැවති පෙරහරක් අප මෙවර නැරඹුවා. මෙවන් පෙරහරක් පැවැත්වීම පහසු කාර්යයක් නොවෙයි. ලෝකයේ විවිධ පෙරහර පැවැත්වෙනවා. එක් එක් ආගම්වලට අයත් විශේෂ සංස්කෘතික ලක්ෂණ සහිත පෙරහර පැවැත්වෙනවා. නමුත් ඒ පෙරහර අතරින් අද ඓතිහාසික දළදා පෙරහරට විශේෂ ස්ථානයක් හිමිවන බව කිවයුතුයි. ඒ අනුව මෙම පෙරහර මංගල්‍යය මෙරට උසස්ම සංස්කෘතික පෙරහර මංගල්‍යය ලෙස සැලකෙනවා.

ඒ වෙනුවෙන් මේ සම්බන්ධව කැපවී කටයුතු කරන ශ්‍රී දළදා මාළගාවට සහ ඊට සම්බන්ධව කටයුතු කරන සියලු දේවාලවලට ස්තූතිවන්ත වනවා. මේ පෙරහර දියුණු මට්ටමින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු සහාය ආණ්ඩුවක් ලෙස දියවඩන නිළමේතුමා ඇතුළු ඒ සියලුදෙනාට ලබා දීම අපේ අරමුණයි. ඒ අනුව ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්වය ලෙස ලෝකය හමුවට ගෙන එමින් සංචාරක ව්‍යාපාරයේ කොටසක් බවට ද පත් කිරීමට අප අපේක්ෂා කරනවා.

මධ්‍යම රජය, පළාත් සභාව සහ මහනුවර නගර සභාව එක්ව එම කටයුතු ක්‍රියාවට නැංවිය යුතුයි. දියවඩන නිළමේතුමා ඇතුළු සියලු දේවාලවල නිලමේවරුන්ගේ දායකත්වයෙන් එම කටයුතු ඉදිරියට ගෙන යනවා.

ඒ වගේම කලාකරුවන් පුහුණු කරන සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය සහයෝගය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට අප කටයුතු කරනවා. මීට දශක 04කට පෙර ආරම්භ කළ බෙල්වුඩ් ආයතනය තරුණ සේවා සභාවේ කලා ආයතනයක් ලෙස දියුණු කර මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු සියලු තරුණ තරුණියන්ට අවශ්‍ය දැනුම ලබාදීමට හා මෙම කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව ලබාදීමට ද කටයුතු කළයුතුයි. මේ පෙරහර මංගල්‍ය සමඟ මහනුවර කලා හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස දියුණු වෙනවා. ඒ වගේම මේ නගරය දියුණු කිරීමට අප තවත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

බෝගම්බර ගොඩනැඟිල්ලේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කර ගනිමින් හිල්ටන් සමාගම සමග එක්ව හෝටලයක් ඇති කිරීමට අප මේ වන විට සාකච්ඡා කරගෙන යනවා. පැරණි තැපැල් කාර්යාලය ටාජ් හෝටලය සමඟ සම්බන්ධකර ගනිමින් නව හෝටලයක් ඇති කිරීමට ද සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ තවත් ඉඩම් කිහිපයක් සංචාරක හෝටල් සඳහා යොදා ගැනීමටත්, මහුනවර දකුණ ලංගම ඩිපෝව ද ඒ සඳහා යොදා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.

දැනට තිබෙන මහනුවර පොදු වෙළෙඳපොළ නවීකරණය කිරීමටද සැලසුම් කර තිබෙනවා. මීට අමතරව දිගන සහ කුණ්ඩසාලේ ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගය ගලගෙදරින් අවසන් නොකර කටුගස්තොට දක්වා ඉදිකිරීමට මම ජපාන රජයෙන් ඉල්ලීක් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රදේශය විශාල නාගරික ප්‍රදේශයක් ලෙස සංවර්ධනය වෙනවා.

පේරාදෙණිය උද්‍යානය වගේම අපි උඩවත්ත කැලය ගැන ද අවධානය යොමු කළ යුතුයි. දළදා මාළිගාවට වගේම සතර මහ දේවාල වෙතත් සංචාරකයන් ගෙන්වා ගනිමින් ආගමික වැඩකටයුතු සමඟ සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබනෙවා.

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට ද අප බලාපොරොත්තු වෙනවා. එහිදී මෙම මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇතුළු තවත් උසස් අධ්‍යාපන ආයතනවලින් සමන්විත අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසද ගොඩනැගීමට අප බලාපොරොත්තු වෙනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය භාරගැනීමෙන් අනතුරුව එම උත්සවය අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan