Youtube වාර්තා කුඩුපට්ටම් කළ රොනාල්ඩෝ!

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 22 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ නවතම Youtube නාලිකාව දියත් කර පළමු මිනිත්තු 90 තුළ මිලියනයකට වඩා ග්‍රාහකයින් ඔහුව සබ්ස්ක්‍රයිබ් කරමින් අපූරු වාර්තාවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

39 හැවිරිදි රොනාල්ඩෝ පස් වතාවක් Ballon d’Or ජයග්‍රාහකයා ලෙස සෞදි අරාබි සමාජය වන Al Nassr සඳහා ක්‍රීඩා කරන අතර දශක දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර තරඟාවලිවල පෘතුගාලය නියෝජනය කර ඇත.

“The wait is over. My @YouTube channel is finally here!” SIUUUUbscribe කර මා හා එක්වන්න, ”රොනාල්ඩෝ ඉකුත් බදාදා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබුණේ මෙලෙසිනි.

ඔහුගේ පළමු වීඩියෝව පළ කිරීමෙන් පැය කිහිපයකට පසු, ග්‍රාහකයින් මිලියන 1.69 ක් ඔහු සමඟ එක්ව තිබේ.

රොනාල්ඩෝට X වේදිකාවේ මිලියන 112.5 ක්, ෆේස්බුක් හි මිලියන 170 ක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 636 ක් අනුගාමිකයන් ප්‍රමාණයක් මේ වනවිට සිටී.

ඔහු මෙම Youtube චැනලය ආරම්භ කළ දිනයේදීම ගෝල්ඩ් ප්ලේ බට්න් එකද ලබා ගැනීම තවත් අරුමයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය යළි ඉහළට

2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා...

උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 06 දෙනාට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අසීමිත බදු...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල සංශෝධනය...

ඥානසාර හිමි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ...