අපි හිත හදාගමුද ?

Date:

දියවඩන නිළමේ මහපාරේ නැට්ටුවට අමතන එක බුකියේ හැමතැනම. නැට්ටුව දෙකට නැමිලා එකහත් පහත්ව ඒක අහගෙන ඉඳල ආයෙත් දෙකට නැවිල ආපහු යනවා.

ඔතන කුළ ප්‍රශ්නයක් නම් නැතුවත් ඇති. මොකද දැන් නැට්ටුවෝ එන්නේ කුල පදනමකින් නෙවෙයි. එක්කෝ ඉස්කෝල වලින්, නැත්නම් නර්තන ආයතන වලින්. නැත්නම් වෘත්තීය නැට්ටුවෝ. මෙයින් අදහස් කරන්නේ නැහැ කුලය නැත්තටම නැතිවෙලා වගේ දෙයක්. තාමත් දියවඩන සහ අනික් නිලමෙලා එන්නේ විශේෂ පවුල් පසුබිමකින්.

කොහොම උනත් ඒ ඇමතීම වැඩවසම් සන්දර්භයක් ඇතුලේ වෙච්ච වැඩක් බව වටේ තියන නිළමේ නිලඇඳුම සහ අනෙක් සංඥා ඇතුලෙම ගැබ්වෙලා තියනවා. හැබැයි එතන අර සංඥා මඟහැරියොත් තියෙන්නේ බොස් කෙනෙක් කාර්යාල සේවකයෙක්ට අමතන ඇමතිල්ලම තමයි. හමුදාවේ නම් මේක මීට හොඳට තියෙනවා. ඒවා නූතන ආයතන.

අපි කොච්චර නූතන වෙන්න හැදුවත් සහ උසස් නූතන බව (higher modernity) ගැන සිහින දැක්කත් මේ පශ්චාත් නූතන සැණකෙළිය නවත්වන්න අපිට බැහැ.

හේතුව මේක දැන් වෙනත් වෙළඳපළ වටිනාකමක් තියන ගෝලීය පාරිභෝගික භාණ්ඩයක්.

අපිට ඕනි ඩොලර්. ඩොලර් ගේන්න අපි ඕනෑම දෙයක් කරනවා. අපි නෙවෙයි ලෝකේ අපිට වඩා දියුණු රටවල් පවා මේ පූර්ව නූතන දේවල් මාකට් එකට අරන් ඇවිල්ල තියනවා.

වෙළදපල සහ පාරිභෝජනය ඇතුලේ අපිට මින් එහාට යන්න බැහැ. ඒ නිසා නූතන බව පහුකරල උසස් නූතනබව (අවසන් නැවතුම) වෙත යන්න තියා අපිට වැඩවසම් එක පහුකරන්නවත් වෙන්නේ නැහැ.

ඒ නිසා අවසන් නැවතුමට ගොඩක් කලින් නැවතුමක අපේ රටවල්වලට නවතින්න වෙනවා. සහ ඒ වෙනුවෙන් හිත හදාගන්න වෙනවා.

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...