*
Friday, September 20, 2024
spot_img

Latest Posts

NPP යට එරෙහි ජාතිවාදී ප්‍රචාරවලට අකුරණදී අනුර දුන්න සුපිරි ප්‍රතිචාරය!

කොළඹ LNW: මේ වන විට මැතිවරණ වේදිකාව තුළ ජාතික ජන බලවේගය අදාළ කරගනිමින් ප්‍රචාරය වන ජාතිවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) අකුරණ ප්‍රදේශයේ පැවති ජනහමුවේදී ප්‍රතිචාර දැක්වීය.

අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේ යළි යලිත් ජාතිවාදී දේශපාලනය වේදිකාවට පැමිණ තිබෙන අතර මෙය සහමුලින්ම සමාජයෙන් ඉවත් කළ යුතුව ඇති බවයි.

විශේෂයෙන් මුස්ලිම් හා සිංහල ජනටහ්ව කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිවාදී සජබ කණ්ඩායම විසින් ගෙන යමින් තිබෙන එම අවලාද සම්බන්ධයෙන් අනුර දිසානායක මහතා නිශ්චිතව සිය කරුණු දැක්වීම සිදුකරන ලදී.

”දැන් ලොකුම අවලාදයක් පටන් අරන් තියෙනවා මුස්ලිම් ජනතාව කේන්ද්‍ර කරගෙන රවුෆ් හකීම්. ආවද රවුෆ් හකීම්? ඇල බලන්න එහෙම ගියේ නැද්ද? ගංවතුර ප්‍රශ්නය විසඳනවා. ආවේ නැද්ද තාම? රවුෆ් හකීම් සාමාන්‍යයෙන් ජන්ද ව්‍යාපාරය බලන්නේ එහා පැත්තේ ඇල බලලා. නැද්ද? ආවද ඇල බලන්න? මේ ළඟදී කියල තියෙනවා අපි කියල තියෙනවලු සහරාන්ලා,ත්‍රස්තවාදීන් බිහිවෙන්නේ මුස්ලිම් අම්මගේ ගර්භාෂයෙන් කියල. දැන් වට්ස්ඇප්වල ඒ පණිවිඩය යනවා. හකීමුත් තැන් තැන්වල කියල තියෙනවා. මම පාර්ලිමේන්තුවේ කරපු කතාවක් තියෙනවා. ඒ කතාවට ඔයගොල්ලෝ සවන් දෙන්න. අර සහරානේගේ සිද්ධිය වෙලා ඒ ගැන තිබුණු විවාදයේදී. ඒ විවාදයේදී මම කිව්වා මේ ප්‍රචණ්ඩ ක්‍රියා එය මුස්ලිම් අය සම්බන්ධ වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්න පුළුවන්. සිංහල අය සම්බන්ධ වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්න පුළුවන්.දෙමළ අය සම්බන්ධ වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්න පුළුවන්. ප්‍රචණ්ඩ ක්‍රියා, ගැටුම්, ත්‍රස්තවාදය, මේ ප්‍රචණ්ඩත්වය මතුවෙන්නේ අන්තවාදී ගර්භාෂය තුළ කියල. මම හකීම් ගැන ලොකු තරහක් නැහැ. සමහර විට ඒ වචනේ තේරුණේ නැද්ද දන්නේ නෑනේ. අපි කියන්නේ සහරන්ලා බිහිවෙන්නේ මුස්ලිම් අන්තවාදය කියන ගර්භාෂය ඇතුලේ කියල. අන්තවාදය තමයි ගර්භාෂය. සිංහල ජාතිවාදීන් බිහිවෙන්නේ කොහෙද? සිංහල අන්තවාදී ගර්භාෂයේ. දිගනට පහර දෙන්නේ පොදු සිංහල ජනයා නෙවෙයි. අලුත්ගමට පහරදෙන්නේ පොදු සිංහල ජනයා නෙවෙයි. කවුද සිංහල අන්තවාදී ගර්භාෂය ඇතුලේ ගොඩනැගිච්ච ප්‍රචණ්ඩකාරිත්වය. ඒකයි දේශපාලනය. ප්‍රභාකරන්ලා බිහිවෙන්නේ කොතනද? දෙමළ ජාතිවාදී ගර්භාෂයේ. දැන් හකීම් ඇවිල්ල කියනවා මුස්ලිම් අම්මගේ ගර්භාෂයේ ත්‍රස්තවාදීන් බිහිවෙනවා කියල. අපි බලන් ඉන්නවා එයා ඒක නිවැරදි කරයි කියල. මොකද එයාට මම කියල තියෙන එක තේරෙන්නේ නැත්නම් නිවැරදි කරයි. නිවැරදි කළේ නැත්නම් හකීම් හම්බවෙන්නෙත් අධිකරණයෙන් තමයි. මොකද මේ දේශපාලනය නැවත නැවත ආගම්වාදී,ජාතිවාදී වේදිකාවක් බවට මේ දේශපාලනය පත්කරගන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මුස්ලිම් ජනතාව ආමන්ත්‍රණය කරලා කියනවා නම් මුස්ලිම් ජනතාවට එරෙහි දේශපාලනයක් එනවා, සිංහල ජනතාව ආමන්ත්‍රණය කරලා කියනවා නම් පෙරහැර නතර කරනවා කියල, මුස්ලිම් ජනතාව ආමන්ත්‍රණය කරලා කියනවා නම් පස් වේල වන්දනා කරන එක නතර කරන්න එන්නේ කියල,එහෙම දේශපාලනය කරන්න බැහැ. ඒ නිසා මොකද කරන්න ඕනේ අපේ රටේ ජාතිවාදය පරාජය කරන්නත් ඕනේ. ජාතිවාදී ප්‍රකාශ දේශපාලන වේදිකාවේ කරන එකත් නතර කරන්න ඕනේ. හකීම්ගේ ප්‍රකාශය පිටුපස්සේ තියෙන්නේ මොකක්ද? අපි මුස්ලිම් ජනයාට එරෙහි ජාතිවාදී ව්‍යාපාරයක් කියන ප්‍රකාශය. තිස්ස අත්තනායකගේ ප්‍රකාශය පිටුපස්සේ තියෙන්නේ මොකක්ද? සිංහල ජනතාව එරෙහි ප්‍රකාශයක්. අපේ රට මේ ව්‍යසනයට පත්කළේ මේ ජාතිවාදී දේශපාලනය. අදත් හකීම්ලා,තිස්ස අත්ත්නයකලා,චරිත හේරත්ලා, චරිත හේරත්ලා ගැන නම් පුදුම වෙන්න ඕනේ නැහැ. ඒ ගොල්ලෝ තමයි වඳ කොත්තු ගැන කතා ලියපු අය. අද සජිත්ගේ වේදිකාවේ හිටියට. ඒගොල්ලෝ තමයි වඳ ඇදුම් ගැන කතා ලියපු අය. ඒගොල්ලන්ගේ පුරුද්දම දේශපාලනයට ජාතිවාදය කැඳවීම. ජාතික ජන බලවේගය කවදාවත් කොච්චර අසීරු අවස්ථාවක වුණත් අපි ජාතිවාදයට නොවැටුණු දේශපාලන ව්‍යාපාරයක්.”

මේ අතර එදා දිගනට පාහර දුන් අවස්ථාවේ ඒ ගැන සජිත් ප්‍රේමදාසගේ හීන් කෙදිරියක් හෝ නොතිබුණ තත්ත්වයක දිගන හන්දියේ ජාතික සමඟිය ගැන රැස්වීමක් කැඳ වූයේද ජාතික ජන බලවේගය බවත් අළුත්ගමට පහර දුන් අවස්ථාවේදී ද ඒ අසාධාරණයට එරෙහිව එම ජනතාව සමඟ දුක බෙදගත්තේද ජාතික ජන බලවේගය බවත් අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජාතිවාදය උත්සන්න වී තිබුණු ඒ අසීරු මොහොතේ පවා ජාතිවාදයට ඒඒඃආ නිර්භය ලෙස ජාතික කොඩිය අතට ගත්තේ ජාතික ජන බලවේගය බව ඔහු අවධාරණය කරන ලදී.

රටක් ලෙස ඉදිරියට යාමට නම් ජාතික සමඟිය ගොඩනැගිය යුතු වන බවයි ඔහු සඳහන් කළේ.

”සජිත්ගේ කඳවුර දේශපාලන වශයෙන් නන්නත්තාර වෙච්ච කඳවුරක්. නායකයාගේ සිය පහළ කෙනා දක්වා මතයක් නැහැ. ඉලක්කයක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. කරන දෙයක් නැහැ ඔහේ බහුබූත කියවන නායකයෙක්. ඒකටම හරියන සෙට් එකක් ඉන්නවා. ඒ නිසා ජාතික ජන බලවේගය ප්‍රතිපත්තිගරුකයි. ඉලක්ක සහගත වැඩපිළිවෙලක් සහිතයි. මේ රට ගොඩනැගීම ඉලක්ක කරගෙන මැතිවරණයට ආපු එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි” යනුවෙන් අනුර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan