පුත්තලමට ගං වතුර! පවුල් 2418 ක් පීඩාවට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ (LNW):

දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2418 ක පුද්ගලයින් 8582 පීඩාවට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි .

හලාවත , මාදම්පේ සහ පුත්තලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මින් වැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, හැමීල්ටන් ඇළ නාත්තන්ඩියා ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් නාත්තන්ඩිය දංකොටුව මාර්ගය ජලයෙන් යටවීම නිසා එහි ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී තිබෙන බවත් එම මධ්‍යස්ථානය පවසයි.

තව දුරටත් වාර්තා වන්නේ, අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවීම හේතුවෙන් ඇතැම් මර්ග වල ගමනා ගමනය මුළුමනින්ම ඇනහිට තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...

සමුගන්නට මත්තෙන් : චන්ග් ගැන බිඳක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අමෙරිකානු...

චීනයෙන් ජපානය මත නව අපනයන තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානය සම්බන්ධයෙන්...