23 -රාස්ස සහ පරාස්ස,24 – මූදු පුත්තු,25 – නරි බෑණා සමඟ ජසයා සහ ලෙංචිනා

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 23, (LNW) කොළඹ :

හොඳම නාට්‍ය 3 ක් හොඳම රඟහලක යන උද්ධෘතය සමඟ අගෝස්තු 23,24 සහ 25 යන තෙදින තුළ ශ්‍රී ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ කතාබහට ලක් වූ නාට්‍ය ත්‍රිත්වයක ප්‍රදර්ශනයන් ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා නාට්‍ය ප්‍රේක්ෂකයන්ට උදා වී ඇත.


ඒ අනුව රෝහණ දන්දෙනියගේ රාස්ස සහ පරාස්ස ශ්‍රීයන්ත මෙණ්ඩිස්ගේ නව අධ්‍යක්ෂණය යටතේ අගෝස්තු 23 වන දා පස්වරු 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත වීමට නියමිතය.
වෛද්‍ය දීප්ති සාගරිකා ගලප්පත්ති අලුතින් අධ්‍යක්ෂණය කර ඇති ගුණසේන ගලප්පත්තිගේ මූඳු පුත්තු නාට්‍යය වේදිකා ගත වන්නේ අගෝස්තු 24 වන දා ය.ඒත් පස්වරු 7.00 ට ය.

අගෝස්තු 25 වන දා දයානන්ද ගුණවර්ධයන්ගේ නරි බෑනා සමඟ ජසයා සහ ලෙංචිනා ද එකවර වේදිකා ගත වන අතර ඒ සඳහා රඟහල් දොරටු ප්‍රෙක්ෂකයා වෙනුවෙන් විවර වන්නේ පස්වරු 7.00 ට ය.


මේ දිනවල මැතිවරණය සමඟ දේශපාලන පිටියේ කර්කශ කතා බහ මැද්දේ ගත කරන ඔබට, වඩාත් සෞන්දර්යාත්මකව දේශපාලනය සහ ජීවිතය දෙස බලන්නට මේ නාට්‍ය අත්දැකීම බෙහෙවින් වැදගත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...