බංග්ලාදේශයේ මිලියන තුනකට අධික ජනතාවක් අවතැන් කළ ගංවතුර ඇතිකළ බවට ඉන්දියාවට චෝදනා

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : නොනවතින මෝසම් වැසි සහ ගංවතුර හේතුවෙන් බංග්ලාදේශයේ මිලියන තුනකට ආසන්න ජනතාවක් අවතැන් වී දෙදෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ගංවතුර අනාවැකි සහ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට (FFWC) අනුව, වර්ෂාව අඛණ්ඩව පැවතීමත් සමඟ ඉදිරි පැය 24 තුළ ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි අතර බංග්ලාදේශයේ ෆෙනි, මවුල්විබසාර්, හබිගන්ජ්, කොමිලා සහ චිතගොං යන දිස්ත්‍රික්ක වඩාත් බලපෑමට ලක්ව මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයන්හි සන්නේවේදන කටයුතු අඩාල වී තිබේ.

කෙසේ නමුත් බංග්ලාදේශයේ ගංවතුර තත්වය ඇතිවීම සම්බන්ධයෙන් ඊයේ(22) දිනයේදී ඩකාහි සිසුන් උද්ගෝෂණයක් පැවැත්වූ අතර ඊසානදිග ත්‍රිපුර ප්‍රාන්තයේ ගුම්ටි ගඟේ දුම්බුර් වේල්ල විවෘත කිරීම මෙයට හේතු වූ බවට ඔවුන් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබුණේ, බංග්ලාදේශය හරහා ගලා යන ගුම්ටි ගඟේ ජල පෝෂක ප්‍රදේශ පසුගිය දින කිහිපය තුළ මෙම වසරේ අධිකම වර්ෂාපතනය අත්විඳ ඇති අතර බංග්ලාදේශයේ ගංවතුරට මූලික වශයෙන් හේතුව ඇත්තේ වේල්ලට පහළින් ඇති මෙම විශාල ජල පෝෂක ප්‍රදේශවල ජලයයි බවයි. එමෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පොදු ගංගාවල ගංවතුර දෙපැත්තේම මිනිසුන්ට දුක් විඳීමේ ගැටළුවක් වන අතර ඒවා විසඳීම සඳහා සමීප අන්‍යෝන්‍ය සහයෝගීතාවයක් අවශ්‍ය වන බවයි.

2015 දී ලෝක බැංකු ආයතනය විසින් කරන ලද විශ්ලේෂණයකින් ඇස්තමේන්තු කර ඇත්තේ ලෝකයේ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රටවලින් එකක් වන බංග්ලාදේශයේ මිලියන 3.5 ක ජනතාව වාර්ෂිකව ගංගා ආශ්‍රිත ගංවතුර අවදානමට ලක්ව ඇති බවයි.

විද්‍යාඥයන් පවසන්නේ මෙවැනි ව්‍යසනකාරී සිදුවීම් උග්‍රවීමට හේතු වී ඇත්තේ දේශගුණික විපර්යාසයන් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...