රු.බිලියන 2ක් ඉල්ලා අනුරගෙන් හකීම්ට එන්තර වාසියක්!

Date:

කොළඹ LNW:තමන් විසින් 2019 මැයි මස 07 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සිදුකළ කතාව විකෘති කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව නීතීඥ මංජුල බාලසූරිය වෙතින් අනුර කුමාර දිසානායක මහතා හකීම් මන්ත්‍රීවරයා වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.

එම එන්තරවාසියේ සඳහන් වෙන්නේ 2024 අගෝස්තු 19 වැනි දින හෝ ඊට ආසන්න දිනක දී කාත්තන්කුඩි හි පිහිටි මැරයින් මහල් උත්සව ශාලාවේ පැවති රැස්වීමක දී රවුෆ් හකීම් මන්ත්‍රීවරයා විසින් අනුර කුමාර දිසානායක මහතා සිදු කළ කතාවක් බව පවසමින් දෙමළ භාෂාවෙන් අපහාසාත්මක, ව්‍යාජ, ද්වේෂසහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.

ඒ අනුව සිය සේවාදායකයා වන අනුර කුමාර දිසානායක මහතාට මෙම ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 2ක වන්දි මුදලක් දින 14ක් ඇතුළත ගෙවන ලෙස එමඟින් රවුෆ් හකීම් මහතා වෙත අදාළ එන්තරවාසියෙන් දැනුම් දී ඇත.

“අනුර කුමාර දිසානායක කියනවා සෑම මුස්ලිම් අම්මා කෙනෙකුගේම ගර්භාෂයෙන් ත්‍රස්තවාදීන් බිහිවෙනවා කියලා, ඔහු පාර්ලිමේන්තුවේ දී කිව්වා සෑම මුස්ලිම් අම්මාකෙනෙකුගේම ගර්භාෂයේ ත්‍රස්තවාදය වර්ධනය වෙනවා කියලා” යනුවෙන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවටයි එම එන්තර වාසියේ දක්වා ඇත්තේ.

සජබ මන්ත්‍රී රවුෆ් හකීම්ගේ එම ප්‍රකාශය ප්‍රසිද්ධ රූපවාහිනී නාලික ඔස්සේ මෙන්ම ෆේස්බුක් වට්ස් ඇප් ආදී සමාජ මාධ්‍ය ජාලා තුළින්ද ප්‍රචාරය වී ඇති බව නීතීඥ මංජුල බාලසූරිය එන්තරවාසියේ දක්වා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...