යාවත්කාලීන නොකළ රියදුරු බලපත් අවලංගු කරනවාද ? – අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කරයි.

මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙන අතර එම සියලු කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සිදු කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා මෙම අදහස් පළ කළේ, “ස්ථාවර රටකට – සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...