ඇඟිල්ල අවුල් චන්දිමාල්ගෙ කරට මහ බරක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 24, (LNW) කොළඹ :

එංගලන්ත තණතීරු තුළ හොඳින් පන්දුවට පහර දී ඇති දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ අතර මඟ පිටියෙන් ඉවත් වූයේ පන්දුව ඇඟිල්ලේ වැදී ඇති වූ ආබාධයක් හේතුවෙන්.එහෙත් වෛද්‍ය පරීක්ෂණවලදී එම ආබාධය නැවත පන්දුවට පහරදීමට නොහැකි තරමේ ආබාධිත තත්ත්වයක් නොවන බව දැන ගන්නට ලැබුණු අතර ඒ අනුව ඊයේ දිනය නිමා වන විට නැවත ක්‍රීඩා පිටියට පිවිසි චන්දිමාල් තෙවන දිනය සඳහා තරගය නවතන විට නොදැවී ලකුණු 20 ක් ලබා ගෙන කඩුල්ලේ රැදී සිටිනවා.


එංගලන්ත පළමු ඉණිම තෙවන දිනයේ දී ශ්‍රී ලංකාවට ඉක්මණින් නවතාලීමට ඉඩ නොඳුන්,එංගලන්ත පසු පෙළ පිතිකරුවන් දෙවන දිනය වන විට කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු 259 ට තෙවන දිනයේ දී තවත් ලකුණු 99 ක් එක් කරන්නට සමත් වුණා.සටන්කාමී ඉණිමක් දියත් කළ කඩුලු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගනිමින් ලකණු 111 ක් රැස් කරන්නට සමත් වුණා.ලකුණු 358 ක් රැස් කරන අතර තුර එංගලන්ත ඉණිමේ කඩුලු 4 ක් ලකුණු 103 ට දවා ගන්නට අසිත ප්‍රනාන්දුට හැකි වෙනවා.ප්‍රභාත් ජයසූරියගෙන් පරිස්සම් වූ එංගලන්ත පිතිකරුවන් ඔහුට ලබා දුන්නේ කඩුලු 3 ක් පමණයි.එහිදී ඔවුන් ප්‍රභාත්ගෙන් ලකුණු 85 ක් උඳුරා ගන්නට සමත් වුණා.විශ්ව ප්‍රනාන්දු ලකුණු 73 ට කඩුලු 2 ක් දවා ගත් අතර මිලාන් රත්නායක සිය මංගල ටෙස්ට් කඩුල්ල ලබා ගනිමින් ලකණු 66 ක් ලබා දුන්නා.


පිළිතුරු ඉණිමේ දී ශ්‍රී ලංකාවේ ආරම්භය අතිශයින් ශෝචනීය වුණා.එක ලකුණක් ලකුණු පූවරුවේ තිබියදී ශ්‍රී ලංකාවට කඩුලු 2 ක් අහිමිව ගොස් තිබුණා.එතැන් සිට ඇන්ජලෝ මැතිව්ස් (65) සහ දිමුත් කරුණාරත්න (27) යන හිටපු නායකයින් දෙපළ තෙවන කඩුල්ලට ලකුණු 51 සබඳතාවයක් එකතු කරන්නට සමත් වෙනවා.එතැන් සිට ශ්‍රී ලංකා ඉණිමට දිනේෂ් චන්දිමාල්ගේ ඇඟිල්ලක පන්දුව වැදීමෙන් වන ආබාධයෙන් අනතුරුව හතරවන කඩුල්ල දැවී යන්නේ ලකුණු පුවරුව 95 ක් ව තිබියදී යි.ඉන් අනතුරුව මැතිව්ස් සමඟ එකතු වන කමිඳු මෙණ්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 173 දක්වා එසැවීමෙන් අනතුරුව ඇන්ජලෝ ගේ ඉණිම අවසන් කරන්නට ක්‍රිස් වෝකස් සමත් වෙනවා.


මැතිව්ස් ලකුණු 65 විශාල වේලාවක් නැවතී සිටි අතර සිය පන්දුවට පහර දීමේ වේගය 44.82 දක්වා ලකුණු 65 සිටියදීම පහළ වැටුණා.ඒ අනවශ්‍ය පරිස්සම නිසාම දෝ ඔහුගේ ඉණිම එම ලකුණු ප්‍රමාණයෙන් නැවතුණු අතර පළමු ඉණිමේ දී අනර්ඝ ඉණිමක් දියත් කළ මිලාන් රත්නායක ද ලකුණු 10 ට දැවී ගියා.කමිඳු මෙණ්ඩිස් නොදැවී ලකුණු 56 ක් ගෙන දිනේෂ් චන්දිමාල් සමඟ කඩුල්ලේ රැදී සිටින අතර ශ්‍රී ලංකාවේ ඉරණම කුමක් වන්නේ ද යන්න තීරණය කළ හැකි කණ්ඩායමේ සිටින අවසන් පිළිගත් පිතිකරු යුගලය මොවුන් දෙදෙනායි.


මේ වන විට ලකුණු 82 ක් ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය පරාජය නොවී ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට හැකියාව පවතින්නේ ඉතාමත් අඩුවෙන්.එහෙත් සිව්වන දිනයම පන්දුවට පහර දෙන්නට හැකි වුවහොත් සිව්වන ඉණිමට මුහුණ දෙන්නට නියමිත එංගලන්තයට ලකුණු 300 ක පමණ ඉලක්කයක් ලබා දීමට හැකියාව ශ්‍රී ලංකාවට තිබෙනවා.එවැනි තත්ත්වයක් උදා කර ගන්නට සමත් වුණොත් ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණයට ද ඉඩක් තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවට පිවිසිය හැකි මඟයි.
https://es.pn/4dyNxNc

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...