බණ්ඩාරනායක අනුස්මරණ සම්න්ත්‍රණ ශාලාවේ සේවකයින් කිහිප දෙනෙකු සහ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පැමිණි එහි පැමිණි තරුණයෙකු අතර ඇතිවන උණුසුම් කතා බහකට අදාල වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යනවා.
සිය පවුලේ හ්සමජිකයෙකු සමඟ පැමිණි අදාල තරුණයා විසින් කැමරාවක් යොදාගනිමින් ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ඡායාරූප ගැනීමට යාමේදී එම ස්ථානයට පැමිණි සේවකයින් කිහිප දෙනෙකු සමඟ මෙම උණුසුම් තත්වය ඇතිව තිබෙනවා.
එහිදී අදාල සේවකයින් පවසන්නේ ඡායාරූප ගැනීම සඳහා කැමරාවක් යොදාගන්නේ නම් ඕනෑම පුද්ගලයෙකු බණ්ඩාරනායක සම්න්ත්‍රණ ශාලාවට රුපියල් 5000ක මුදලක් ගෙවිය යුතු බවයි.
මෙය උණුසුම් කතා බහකට පෙරලී තිබු අතර අන්තර්ජාල නාලිකවක් විසින් එම සිදු වීම පිලිබඳ වැඩිදුර තොරතුරු මෙසේ වාර්තා කර තිබුනා.