*
Friday, October 4, 2024
spot_img

Latest Posts

පළාත් පාලන ජන්දය තියන්න ආණ්ඩුවට කොහොමත් වුවමනාවක් තිබුණේ නැහැ – ජයම්පති වික්‍රමරත්න

කොළඹ LNW:පළාත් පාලන ඡන්දය කල් දැමීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් වැදගත් තීන්දුව ඉතා වැදගත් හෙයින් ඒ පිළිබදව ජනතාව අවධානය යොමු කළ යුතු බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

එම මැතිවරණය පැවැත්වීමට මුල සිටම ආණ්ඩුවට අවශ්‍යතාවක් නොතිබුණු බවයි වික්‍රමරත්න මහතා සඳහන් කරන්නේ.

“අධිකරණයේ දී මෙහිදි ප්‍රශ්නය වුණේ පළාත් පාලන මැතිවරණය කැදවා තිබෙද්දි පාර්ලිමේන්තුවෙන් 2023 අවුරුද්දට රැපියල් බිලියන 10 ක් වෙන් කරලා තිබෙද්දිත් මැතිවරණය පැවැත්වීමට එම මුදල නොදීමෙන් මැතිවරණය කල් දැමීම. මුල ඉදන්ම ආණ්ඩුවට ඕනෑ කමක් තිබ්බේ නැහැ මේ මැතිවරණය තියන්න. රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ ලේකම් කියා සිටියා කැබිනට් මණ්ඩලය තීන්දු කෙරුවයි කියලා දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියන්න කියලා ඇප මුදල් භාර නොගන්න කියලා. මැතිවරණ කොමිසම විරුද්ධත්වය ප්‍රකාශ කළාට පස්සේ ඒක අයින් කළා. කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා අත්‍යවශ්‍ය දෙයකට ඇරෙන්න වෙන කිසිම දෙයකට මුදල් දෙන්න එපා කියලා. පළාත් පාලන මැතිවරණය අත්‍යවශ්‍ය දෙයක් හැටියට ලැයිස්තුගත කර තිබුණේ නැහැ. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවේ කියා සිටියා අපිට සල්ලි නැහැ කියලා. ඔහු කිව්වා කල්දාන්නත් මැතිවරණයක් නැහැනේ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ නඩු ටික පැවරුණාම අතුරු නියෝගයක් නිකුත් කෙරුවා මුදල් අමාත්‍යාශයේ ලේකම්ට මුදල් නිකුත් කරන ලෙසට. නමුත් ඒ පිළිබදව කිසිම පියවරක් ගත්තේ නැහැ. පංච පුද්ගල විනිශ්ච මණ්ඩල නඩු තීන්දුවේ තිබෙන විශේෂ කාරණයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 සී වගන්තිය යටතේ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහය දීමට ජනාධිපතිවරයා බැදී සිටින බව. ඒක ජනාධිපතිවරයාගේ විශේෂ කාරණයක්. ඒ වගේම ඔහු මුදල් ඇමැති. ඡන්දය කල්දමීමෙන් ජනතාවගේ නීත්‍යානුකූල අපේක්ෂාවන් බිද වැටුණා. ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසම ගැනත් යම් දෝෂ දර්ශනයකට ලක් කරලා තිබෙනවා. මූලික වශයෙන්ම වගකීම පවරා තිබෙන්නේ මැතිවරණය නොපැවැත්වීම පිළිබදව ජනාධිපතිවරයාට. ඒ වගේම රාජ්‍යයට මේ වගේ මැතිවරණ පැවැත්වීම වළක්වන්නට බැරි බව අවධාරණය කරලා තිබෙනවා. ඒ නිසා තමයි නඩු ගාස්තු ගෙවීමට පවා සිදු වූයේ” යනුවෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා තවදුරටත් පවසයි.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සමඟි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහටහට සහය දක්වමින් සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan