ජනපති රනිල්ට යනවා කිවුව සී.බී නාමල්ගෙ වේදිකාවට නගියි!

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටි බව කියන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක මහතා අද(24) දහවල් නාමල් රාජපක්ෂ මහතාට ජය පතා දිවුලපිටියේ පැවති රැලියට එක්ව තිබේ.

සී.බී රත්නායක මහතා පසුගිය මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දෙවෙනි වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයායි. ඔහු මනාප 70871ක් ලබා ගෙන තිබිණි.

කෙසේ වෙතත් පසුගිය කාලයේ ඇතැම් මාධ්‍ය මගින් සීබී රත්නායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි ප්‍රවෘත්ති පළ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...