ඇෆ්ගනිස්ථානය කාන්තාවට රටක් නොව කුඩුවක් පමණි; නව නීති යටතේ කාන්තාවට ගායනය, කියවීම තහනම් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : 2021 වසරේ අගෝස්තු මාසයේ ඇෆ්ගනිස්ථාය නැවතත් තලෙයිබාන් පාලනයට යටත් වීමත් සමඟ ඔවුන්ගේ අමනෝඥ නීතිවල අඳුරු සෙවනැලි ඇෆ්ගන් දේශය පුරාම දක්නට ලැබිණි.

තලෙයිබාන්වරු රටතුළ කාන්තාවන් භුක්ති විඳි සීමාසහිත අයිතීන් පවා අතිශය කෲර ලෙස මර්දනය කරමින් ඉස්ලාමීය පාලනය යටතේ දැඩි නව දුෂ්ට හා ගුණධර්ම නීති මාලාවක් යටතේ ප්‍රසිද්ධියේ කාන්තා කටහඬවල් මර්දනය කර තිබේ.

උත්තරීතර නායක Hibatullah Akhundzada විසින් අනුමත කිරීමෙන් පසු බදාදා(21)නිකුත් වූ නව නීති මාලාවක සඳහන් වුයේ කාන්තාව ප්‍රසිද්ධියේ ගායනා කිරීම, කියවීම හෝ ශබ්ද නඟා කියවීම නොකළ යුතු බවයි.

මෙම නව නීති මාලාවන් සම්බන්ධයෙන් නව නීති පිළිබඳව අමාත්‍යාංශයේ ප්‍රකාශක මවුලවි අබ්දුල් ගෆාර් ෆාරුක් සඳහන් කර තිබුණේ, “ඉන්ෂාල්ලාහ්, මෙම ඉස්ලාමීය නීතිය ගුණධර්ම ප්‍රවර්ධනය කිරීමට සහ දුෂ්චරිතය තුරන් කිරීමට ඉමහත් උපකාරයක් වනු ඇතැයි අපි ඔබට සහතික වෙමු,” යනුවෙනි. මෙම නීති ඇෆ්ගනිස්ථානුවන් කඩ කර ඇති බවට බලාත්මක කරන්නන් චෝදනා කරන්නේ නම්, පුද්ගලික හැසිරීම් නියාමනය කිරීම, අවවාද කිරීම හෝ අත්අඩංගුවට ගැනීම වැනි දඬුවම් ලබාදීමේ ඉදිරි පෙළේ සිටීමට අමාත්‍යාංශයට නීති මගින් බලය ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බොහෝ කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් විසින් කාන්තාවන් වෙත පනවන මෙම අමනෝඥ නීති සම්බන්ධයෙන් දැඩි විවේචන දැක්වුවද තලෙයිබාන්වරු ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...