අවුරුදු 97 තරුණ මවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 24, (LNW) කොළඹ :

ජීවිතය අපට ලැබෙන්නේ විදීමටය.යම් යම් කාලවල විදවීම්,කැපවීම් කර සිතිය හැකිනම්,වඩාත් ගැඹුරු විදීමක් බවට ජීවිතය දිනෙක පත්වනු ඇත.විවාහයෙන් සත් වසක් ගත වන තැන වැන්දඹුවක් බවට පත්වන ගැහැණියක්,ඒ වන විටත් අපේ සමාජයේ අභියෝගයක්ව සිතෙන ගැහැණු දරුවන් සිව් දෙනෙකුගේ මවක් හැටියට හුදකලා වූ තැන සිට ඇයට වයස අවුරුදු 97 ක් වෙද්දී කළ,කී දේ මේ සමාජයේ ජීවත්වන ගැහැණුන්ට පමණක් නොව පිරිමින්ට ද ජීවිතය පිළිබඳ අධ්‍යයනය කරන්නට පෙරැලූ පොතක් වැනිය.


දිනෙක ඇයගේ කුසින් වැදූ රාජ්‍ය සම්මානලාභී සාහිත්‍යකාරියක වන මනෝහරී ජයලත් අතින්ම බොහෝ විට මේ විශ්වකර්ම කාන්තා ජීවිතය ගැන රහට ලියවෙනු ඇත.දැලි කුණුත් සමඟ දරුවන් වැදීම සහ හැදීමට සීමාවන බොහෝ කාන්තා ජීවිතවලට ජීවිතය දෙස බැලීමට අලුත් කවුලුවක් විවෘත කරන අවුරුදු 97 ක තරුණියක් ලෙස ඇය හැඳින්වීම වඩාත් උචිතය.එම වයසේ දී පශ්චාත් ශාස්ත්‍රපති උපාධිය දිනා ගන්නා විතානගේ ලීලාවති ඇසිලින් ධර්මරත්න මාතාව තරම් අදත් අපේ රටේ බොහෝ තරුණ යැයි කියන කාන්තාවෝ තරුණ නැති බවත්,ශක්තිමත් සහ එඩිතර නැති බවත්,උකටලීව තමන්ගේ අරමුණුවල පරාජය ඉක්මණින් භාරගෙන හැකිලෙද්දී ඇය ඒකාත්මිකව අරමුණු ජයග්‍රහණය කරා රැඟෙන යන්නට බැඳෙන බවත් ඒ තරුණ නමට ලීලාවති මහත්මිය වඩාත් සුදුසු බව තහවුරු කරන්නේය.


මේ සඳහා අප ලියන වැකිවලට වඩා ඇසට තෙතැති හිතට දැනෙන රහක් ඇයගේම ලොකු දුවගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගත් මේ අකුරුවල ඇති බව අපි විශ්වාස කරන්නෙමු.ඉතාම අවංකව සිය අම්මා ගැන මේ අකුරු අතුරා ඇති ඇය දැනට බස්නාහිර පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් ය.මෙතැන සිට ඇත්තේ ඇයගේ වචනය..


මගේ අම්මා
වයස අවුරුදු 97ක්
තාත්තා මිය ගියාම ගෑනු ලමයි හතර දෙනෙක් එක්ක විවාහයෙන් අවුරුදු 7ක් යද්දී තනිවුනා.
නීති විද්‍යාලෙන් ආපහු ගෙදර ඇවිත් අපිට උගන්නන්න මුල් තැන දුන්නා. අපට සියලු පහසුකම් දුන්නා.
අපි PHD ඇතුළු පශ්චාත් උපාධි ධාරීන් උනා.
වෛද්‍ය ඉංජිනේරු නීති ගුරු අංශ වල ආචාර්ය මහාචාර්ය වරුන් උනා
මං බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
සමුද්‍රා බැලරට් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්ය වරියක්
ඉන්ද්‍රනීලා උපාධි ධාරී ගුරුවරියක්
මනෝහරී නීතිඥ වරියක් රාජ්‍ය සම්මාන දිනූ ගත් කතු වරියක්
ඔයහැමදේම අස්සෙ අම්මා පොත් පත් පරිශීලනය කලා.
සිංහල ඉන්ග්‍රීසි දෙමල පාලි හින්දි සංස්කෘත හාශා වල නිපුනත්වයට පැමිනුනා
සියලු ආකාරයේ හස්ත කර්මාන්ත වල අති දක්ශ උනා බීරලු තැටින් නිටිං ක්‍රොචේ එම්බ්‍රොයිඩරි චිත්‍ර ආදී බොහෝ දේවල් කලා.
ජීවිතේ කරදර පැමිණි වෙලාවල් වල ගැහැනු කම ඉක්මවා එඩිතර පිරිමියෙක් වගේ වැඩ කලා
හැකි හැමවිටම බොහෝ අයට මුදලින් ඉඩකඩම් දේපල වලින්, දැනුමින් හා හැකි හැම විදිහට ම උදව් කලා.
දරුවො ඈතට යනකොට උපේක්ශා සහගතව අධ්‍යාපන කටයුතුවල යෙදුනා.
වයස 95දී උපාදියත් 97දී පශ්චාත් උපාධිය ත් ලබා ගත්තා.
අපේ උපාධි උත්සව වලට ආඩම්බරෙන් ආව අම්මගෙ උපාධි උත්සවයට අපි හතර දෙනා ආවෙ මොනරු වගේ ආඩම්බරෙන්.
හැම ලමයෙකුටම නොලැබෙන ගාම්භීර අවස්තාවක් අම්මා අපිට දුන්නා .
අම්මාගේ කතාව හැමෝටම විශේෂයෙන් ගැහැනු අපට ආදර්ශයක්
ආදරෙයි අම්මා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...