එක සීට් එකට පැරදිලා ඉන්න වෙලාවෙත් පැරදුණේ ඇයි, ජනතාව හරිද වැරදිද, ජයගන්න කරන්නේ මොකක්ද, තියන ආණ්ඩුවේ අවුල් මොනවද කිය කියා හැම දවසෙම හන්දියක් හන්දියක් ගානේ කරුණු කියන්න ජනතාව එක්රැස් කළේ නැහැ. වටේ ඉන්න එවුන්ට දෙස් දෙවොල් තිබ්බෙත් නැහැ.
කනක් ඇහෙන්න නැති තරම් කතා කර කර අනාගත ජයක් ගැන කරුණු පැහැදිලි කරන්න ගියෙත් නැහැ. ඉබ්බාගමුවෙයි, කන්සලගමුවෙයි, ගලිගමුවෙයි, ආදරණීය ජනතාව ගොඩගන්න ට්‍රයි කෙරුවෙත් නැහැ.
මේ රටේ නැත්නම් වෙනත් රටවල ඉන්න ශ්‍රී ලාංකික බිජ්ජෝ ෆෝම් කරන්න ”ලොව වටා රනිල්” මැයෙන් මීටින් මාලාවක් තිබ්බෙත් නැහැ. හැමෝම බැණ බැණ ඉන්නකොට ඒවාට උත්තර දෙන්න ගියෙත් නැහැ.
කවදාවත් දිනන්නේ නැහැ කියල පරසක්වල ගහපු එකා පක්ෂේත් කඩාගෙන ගිහිල්ල වෙනත් එකක් අටවාගන්න කොට ඒකෙ හරි වැරදි කියන්න ගියෙත් නැහැ.
පැරදිච්ච වෙලාවට සද්දනැතුව ගෙදර ගිහිල්ල නෙට්ෆික්ස් එකක් බලාගෙන ගෙදරට වෙලා හිටිය. වදයක් වුණේ නැහැ.
එහෙම ඉන්නකොට තමයි රටේ පස්ස බිම ඇනිල, නන්නපෝල් වෙලා, හැමෝම මේ අවුලට කරගහන්න බැහැ කියල, කරගන්න කිසිදෙයක් නැති වෙලාවක දිලුම් අමුණුගමගේ කෝල් එකක් බස් ගැමුණු හරහා එනකල් කූල් එකේ හිටියේ.
හැබැයි එහෙම කූල් එකේ හිටියට අර කෝල් එකෙන් පස්සේ දේශපාලනිකව පස්ස ගැහුවේ නැහැ. හරි… ගන්න කෙනෙක් නැද්ද…එහෙනම් මම ගන්නවා. පැය විසි හතරක් ගියේ නැහැ. ගත්ත.
නිදහසින් පස්සේ ආපු අමාරුම තත්වයක් එක්ක පුළුවන් විදියට දෙයක් රටේ මිනිස්සුන්ට කළා. දැන් රට ආපහු පීල්ලට ඇවිත් තියනවා. තව යන්න ගොඩක් දුර තියනවා.
දැන් අපිට පුළුවන්. ලංකාවට පුළුවන්. එක ධනාත්මක ස්ලෝගන් එකයි. ලංකාවටම එකයි
අලියා හිටියත් එකයි නැතත් එකයි දැන් තියන එකකින් ඉල්ලනවා. අඬන්නේ නැහැ.
වැඩිය වචන වියදම් කරන්නේ නැහැ. අනුරාධපුරේදී කිව්වේ මෙච්චරයි.
ඔබේ අනාගතය ගැන ඔබ තීරණයක් ගන්න….
ඒ තමයි කූල් රනිල්…
~ මහේෂ් හපුගොඩ
RN