බදු ගැන සියළු තොරතුරු හෙට!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ (LNW):

හෙට (26) දිනයේදී , බදු පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පවසයි.

හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ මේ වනවිට නවත්වා ඇති අතර එම හිඟ බදු මුදල් අය කරගැනීමට පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.  

බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍ය වෙත හෙළි කිරීමට සඳුදා (26) දිනයේදී කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...