ජනපති රනිල්ට එක්වන තවත් පිරිසක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට කටයුතු කරන බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුප්පයියා සදාසිවම් මහතා පවසයි.

සුප්පයියා සදාසිවම් මහතා මේ බව ප්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහ වෘත්තිය සමිති එකමුතුවේ සහය ලබාදීම සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා නුවරඑළිය පක්ෂ කාර්යාලයේ අද(25) පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සුප්පයියා සදාසිවම් මහතා,

වසර දෙකකට කලින් අපේ රට වැටිලා තිබුණු අගාධය අපට මතකයි, ආර්ථික මට්ටමෙන් රට වැටිලා තිබුණු අවස්ථාවේ රට ක්‍රම ක්‍රමයෙන් ගොඩනගලා අද වන විට ස්ථාවර තත්ත්වයකට පත් කරලා තියෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන එක අපිට පිළිගන්නට වෙනවා.

රටේ ජනතාවගේ ආර්ථිකය මෙන්ම කඳුකර වතු කම්කරුවන්ගේ ආර්ථිකය තේරුම් ගත් බුද්ධිමත් නායකයෙක් හැටියටත් රනිල් වික්‍රමසිංහ අපට හඳුන්වා දෙන්නට පුළුවන්, රනිල් වික්‍රමසිංහ තරම් අවබෝධයක් ඇති වෙන නායකයෙක් අපිට පේන්න නැහැ.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳව කතා කරන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලවත් රටවල් සියල්ල උදව් කරන්න සැදී පැහැදී ඉන්නවා, බලවත් රටවල්වලත් උදව් අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයත් එක්ක රට ගොඩනගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි” ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුප්පයියා සදාසිවම් මහතා ප්‍රකශ කළේ‍ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තව නොබෝ දිනකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: මෙම සතිය ඇතුළත ...

ජාතික ක්‍රීඩා උළෙලක් ඉවරයි – එච්චරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 02, කොළඹ LNW: ජාතික ක්‍රීඩා උළෙලේ 49...

කෙහෙල්බද්දර පද්මේ තොරතුරු වමාරයි. හිටපු මැති ඇමතිවරුන්, පොලිස් ලොක්කන් රැසකගේ නම් එළියට ?

ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණි මන්දිනු පද්මසිරි...