තේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා අවශ්‍ය සමස්ත මුදලම ලබාදෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

තේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා අවශ්‍ය සමස්ත මුදල වන රුපියල් මිලියන 2400ක මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලබා දී තිබෙන බව සඳහන් වේ..

කෘෂි කාර්ම අමාත්‍යංශය සඳහන් කළේ, තේ වගාව සඳහා අරඹන ලද පොහොර සහනාධාර වැඩසටහන පසුගිය සතියේ සිට ක්‍රියාත්මක බවයි .

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් මේ යටතේ රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙන අතර ,ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය වැඩි කිරීමට නම් සියලුම තේ වගාවන්ට පොහොර යෙදීම අත්‍යවශ්‍ය වේ.

එයට හේතුව නම් වසර කිහිපයක් තිස්සේ තේ වගාවට පොහොර නොයෙදීම නිසා තේ අළු අස්වැන්න සීග්‍රයෙන් අවමවීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි .

මේ නිසා පසුගිය සතියේ සිට තේ පොහොර සහනාධාරය වශයෙන් කිලෝග්‍රෑම් 50ක තේ සඳහා යොදා ගන්නා පොහොර මල්ලක මිල රුපියල් 4000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

මෙම පොහොර සහනාධාරය සැපයීම සඳහා වැයවන සමස්ත මුදල රුපියල් මිලියන 2400ක් බව පැවසේ .

මෙම විශාල මුදල රජයෙන් ලබා නොගෙන තේ වගාකරුවන්ට සහන සැළසීම සඳහා ලබා දීමට පියවර ගත් අතර එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල් ප්‍රතිපාදන යොදාගනිමින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග 05 හි මිල ගණන් අඩු කර තිබෙන බව සඳහන් වේ.

මේ වනවිට එම පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අලෙවි කර ඇති අතර තවත් මෙට්‍රික් ටොන් 10,000ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සමාගම සතුව පවතින බව ඔවුන් පවසයි .

දැනට රාජ්‍ය පොහොර සමාගම සතුව පවතින තේ සඳහා වන මිශ්‍ර පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 815, 830ක් බව දැක්වේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගම පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...