පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කරලා!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

ඊයේ (25) රාත්‍රී කාලයේ දී මරදාන පොලිස් වසමේ දේවානම්පියතිස්ස මාවත ප්‍රදේශයේ දී පෞද්ගලික ආරවුලක් මත සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදුකළ පහරදීමකින් මෙම ඝානය සිදුව ඇති බව පොලීසිය පවසන අතර ,මෙම ඝාතනය සම්බන්ධයෙන් 19 හැවිරිදි වියේ පසුවූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත .

සිද්ධිය සම්බන්ධව මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන් වේ.