උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා අත්හදා බලයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 26 : ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් ජාත්‍යන්තර සම්බාධක නොතකා දේශීයව සංවර්ධනය කරන ලද මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා අත්හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය KCNA වාර්තා වේ.

උතුරු කොරියානු මාධ්‍ය විසින් අද(26)වන දින නකුත් කරන ලද ජායාරූප වලට අනුව, X හැඩැති වලිග සහ පියාපත් සහිත සුදු ඩ්‍රෝන යානයක් දකුණු කොරියාවේ K-2 ප්‍රධාන යුද ටැංකියට සමාන ඉලක්කයකට කඩා වැටී විනාශ කරන ආකාරය උපදේශකයින් විසින් වට කරන ලද මේසයක් මත සිටින ජනාධිපතිවරයා සතුටින් නිරීක්ෂණය කරනු දක්නට ලැබේ.

උතුරු කොරියානු ජනාධිපතිවරයා වොෂින්ටනය සහ සෝල් සමඟ නැගී එන ආතතීන් මධ්‍යයේ තම රටේ හමුදාව නවීකරණය කරමින් එහි ආයුධ හැකියාවන් වර්ධනය කරමින් සිටින අතර ඔහු මේ වන විට පාබල හා විශේෂ මෙහෙයුම් ඒකක, ඔත්තු බැලීමේ සහ බහුකාර්ය ප්‍රහාරක ඩ්‍රෝන යානා සහ දිය යට මරාගෙන මැරෙන ප්‍රහාරක ඩ්‍රෝන යානා ඇතුළු විවිධ පද්ධති වේගවත් ලෙස සංවර්ධනය කරමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ 29 තෙක් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: පසුගියදා අල්ලස් කොමිසම මගින්...

සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!

කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා...

ඉරානය යුදෙව් විරෝධී ප්‍රහාර මෙහෙයවන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා..

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්,...

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...