නිරිතදිග පාකිස්ථානයේ මගී බස්රථ ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්!

0
276

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

මගී බස්රථ ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් නිරිතදිග පාකිස්ථානයේ විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඉන් පුද්ගලයින් 22 දෙනෙක් මියගොස් ඇති බවයි සඳහන් වේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය සටන්කාමී කණ්ඩායමක් වන Baloch Liberation Army (BLA) විසින් දියත් කළ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටී.