බලුකිස්තාන් ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් 74 දෙනෙකු මරුට

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 27 : ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරිදා හා සඳුදා දෙදින තුළ සන්නද්ධ බෙදුම්වාදීන් විසින් පකිස්ථානයේ නිරිතදිග පළාතේ බලුකිස්තාන් ප්‍රදේශයට එල්ල කරන ලද වෙඩි ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 74 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙම නවතම ප්‍රහාරවල වගකීම භාරගනිමින් බෙදුම්වාදී කණ්ඩායමක් වන Balochistan Liberation Army (BLA) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කළ බවයි.

ඊයේ දිනයේ(26) මෙම සන්නද්ධ බෙදුම්වාදීන් විසින් බලුකිස්තාන් සහ පන්ජාබ් අතර දේශසීමා ආසන්නයේ පිහිටි මුසාඛෙල් දිස්ත්‍රික්කයේ රරාෂාම් ප්‍රදේශයේ සංක්‍රමණික කම්කරුවන් 23 දෙනෙකු ඔවුන්ගේ වාහනවලින් පිටතට ඇද වෙඩි තබා ඝාතනය කර තිබු අතර ආරක්ෂක හමුදා, හමුදාව පැවසුවේ, ඊට ප්‍රතිචාර දක්වමින් ත්‍රස්තවාදීන් 21ක් මරා දැමූ බවයි.

නිරන්තරයෙන් සිවිල් වැසියන්, නීතිය ක්‍රියාත්මක කරන්නන් සහ රාජ්‍ය යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර සම්බන්ධයෙන් විශ්ලේෂකයන් අදහස් දක්වන්නේ, මෙමඟින් ආණ්ඩුවේ අධිකාරයට අභියෝග කරමින් සන්නද්ධ කණ්ඩායම්වල බලපෑම මුළු පළාතටම විහිද ඇති බව පෙන්නුම් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...