චීනයේ හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් සිය ගුවන් සිමාවන් උල්ලංඝණය කළ බවට ජපානයෙන් චෝදනා

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 27 : ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීන හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් විසින් සිය ගුවන් සීමාව උල්ලංඝනය කිරීම ජාතික ආරක්ෂාවට හා ජපානයේ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීමක් බව ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිමාසා හයාෂි ප්‍රකාශ කර තිබේ.

ජපාන හමුදාව සඳුදා(26) ප්‍රකාශ කළේ චීන Y-9 ඔත්තු බැලීමේ ගුවන් යානයක් ජපානයේ ප්‍රධාන දකුණු දූපතක් වන කියුෂු හි නිරිතදිග වෙරළට ඔබ්බෙන් වූ ඩැන්ජෝ දූපත් වලට ඉහළින් පියාසර කළ බවත් චීන ගුවන් යානයට ගුවන් සීමාවෙන් ඉවත් වන ලෙස අනතුරු ඇඟවූ බවත්ය.

කෙසේ නමුත් ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කිරීම සඳහා වැඩ බලන චීන තානාපති ෂි යොන්ග් කැඳවා එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා වැළැක්වීමට පියවර ගන්නා ලෙස චීනයෙන් ඉල්ලා සිටින බවත්, ජපානය චීන හමුදා ක්‍රියාකාරකම් අධීක්‍ෂණය කරමින් සිටින බවත් ඕනෑම ගුවන් සීමාව උල්ලංඝනය කිරීමකට සම්පූර්ණයෙන්ම සූදානම් බවත් යොෂිමාසා හයාෂි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...